
(ගයාන් සූරියආරච්චි)
ගණේමුල්ලේ සංජීව ඝාතනයට ඉෂාරා සෙව්වන්දි නැමැත්තියට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කඩවත ප්‍රදේශයේ නීතීඥවරිය ඉකුත් 2023 වසරේදී මැඩගස්කර පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවන් වන සලිදු මල්ෂිත ගුණරත්න හෙවත් පානදුරේ කුඩු සලිදු සහ හරක් කටා නැමැත්තන් වෙනුවෙන් පෙනී සිටීම සදහා තවත් නීතීඥවරුන් දෙදෙනකු සමග මැඩගස්කරයට ගොස් තිබූ බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් නීතීඥවරිය සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රැසක් සමග සමීප සම්බන්ධතා පවත්වා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
ඉෂාරා සෙව්වන්දි නැමැත්තියට අධිකරණ භූමියට ඇතුළුවීමට නීතීඥ හැදුනුම්පත්, නීතිඥ කබාය සහ නඩු විධාන සංග්‍රහය පොත, නීතිඥ හැදුනුම්පත් නිර්මාණය කරදී ඊට ඇයගේ අත්සනද යොදා ඇති බවත් වෙඩික්කරුට සහ ඉෂාරා සෙව්වන්දි නැමැත්තියට වාහනයේ ගමන් කිරිමේදී නීතිඥවරුන් භාවිතා කරන ස්ටිකර් ආදියද සැකකාර නීතීඥවරිය විසින් සලසා දී බවද විමර්ශන මගින් හෙළිවී ඇතැයි ද විමර්ශන නිලධාරීහු පවසති.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කඩවත පදිංචි 52 හැවිරිදි නීතිඥවරියක බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිඥ සංගමය මේ ගැන තවම දන්නෙ නැද්ද?
මැය ප්‍රධාන පාතාල සාමාජිකාවක්.
අපූරුයි, මෙවැනි අපරාධකාරයින්ට නීසි දඬුවම් දිය යුතුයි. දැන් මෙය වෙනුවෙන් කලු කබා කීයක් පෙරට එයිද කියලා බලමු.
අපරාධකාරයා/කාරිය තමන් කළ වරදි සියල්ල නීතිඥයාට කිව්වාට පස්සේ, එම වරද නිසැකවම එම තැනැත්තාට හෝ තනත්තිය කර තිබෙන බවට හොඳටම සනාථ වන බව දැන දෙනත්, එම වරදි කරුවන්ට නිසි දඩුවම ලබා දීමට කටයුතු සැලසවීමට වඩා ඇයි මේගොල්ලෝ එම වැරදිකරුවන්/කාරියන් බේරා ගන්න උත්සාහ කරන්නේ.”
නීතියට පිටින් හොර ලේඛන හදලා දුන්නා නම් ඒක අධිකරණයේ ඔප්පු වුණා නම් ඒක වැරදියි තමයි. ඒත් යම් නීතිඥයෙක් සැකකරුවෙක් වෙනුවෙන් පෙනී හිටියා කියන්නේ ඒක එයාගේ රැකියාව. සැකකරුවා වැරදිකරු කරන නොකරන එක අධිකරණය බලා ගනී. ඕනේම සැකකරුවෙක් අධිකරණයක් මඟින් වැරදි කරු කරන තෙක් වැරදිකරුවෙක් නෙවෙයිනේ. කලිනුත් සමාජය මඟින් සැක ඇති කරලා අන්තිමට නිදහස් වෙච්ච මිනිස්සු ඉන්නවා.
අදාළ නීතිඥවරිය පාතාලය සමග ඍජු සම්බන්ධතාවයක් තිබු බව ඉතාම පැහැදිලියි.. සමහරක් මෝඩකමට, හෝ තක්කඩිකමට මෙය පටලවාගෙන හෝ අන් අයව පටලවන්න උත්සහ කරනවා..නීතිය පරම සත්‍යය නොවන බව වත් අවබෝධ කරගන්න සමහරකට බුද්ධියක් නැහැ... ඕනෑම විත්තිකාරයෙක් වෙනුවෙන් පෙනීසිට ඔවුන්ව නිදහස් කරගැනීමට කටයුතුකිරීමට නීතිඥයින්ට පුර්ණ අයිතියක් තියනවා.. නමුත් ලංකාවේ නීතිඥයින් ඔවුන්ගේ සේවාදායකයින්ට නිසි සේවාවක් නොකර මුදල් ගසාකන බව රහසක් නොවෙයි...නඩුව කතාකරන නීතීඥයාට අමතරව තවත් බ්‍රෝකර් නීතීඥයෙකුටත් නිකරුනේ මුදල් ගෙවන්න සිදුවෙන බව බොහෝ දෙනෙක් දන්නවා ඇතිනේ.. ඊට අමතරව පුළුවන් තරම් නඩු කල් දැමීමෙන් ගසාකනවා... ඒ වගේම උසාවියෙන් ලැබෙන ලියකියවිලි ලබා ගැනීමට සේවාදායකයාට පවරනවා...ඒ තුල පගාව ක්‍රියාත්මක වෙනවා...නීතිපොත හැදැරුවා කියලා මොවුන් හිතාගෙන ඉන්නේ නීතිය තුල බල්ටි ගසා තමන්ගේ කල්ලි බලයෙන් නීතියෙන් පැනයාමට හැකිවේවි කියලයි..
අපරාධකරුවන් වෙනුවෙන් පෙනීසිටින කලුකබාකාරියක් පමණක් නොවේ. අපරාධකාරියක්...
මෙයත් ඇප හම්බ වෙලා කොහේ හරි රටකට පනියි, අන්න බැකෝ සමන්ගේ ගෑනිට ඇප හම්බ වෙලා.. අපේ දරුවන් කුඩු ගහලා විනාශ වුණාට අවුලක් නැතිද?