(අංජුල මහික වීරරත්න)

නීතිඥවරුන් රට පුරා අධිකරණ වල නඩු විභාග  කටයුතු වල⁣ට සහභාගී නොවී සිටීමට ගත් වෘත්තීය ක්‍රියා මාර්ගය නිසා අධිකරණ කටයුතු අඩාල විය.

බත්තරමුල්ල අකුරේගොඩ හමුදා මූලස්ථානය ආසන්නයේ සුපිරි වෙළෙඳ සැලක් අසලදී නීතිඥවරයකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය පළ කරමින් නීතිඥවරු මෙම වෘත්තිය ක්‍රියා මාර්ගයට එළඹ සිටිති.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊයේ හදිසි රැස්වීමක් කැඳවා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබඳව ප්‍රකාශයට පත් කළේය.

අපරාධකරුවන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් මෙවැනි ක්‍රියා සමස්ත නීතිඥ ප්‍රජාවටම බලපාන බවත් නීතිඥවරු පවසති.