
(කේ බුද්ධික කුමාරසිරි)
තලංගම අකුරේගොඩ ප්‍රදේශයේදී නීතීඥ බුද්ධික මල්ලවාරච්චි සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අනුබල දීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු හෙට (18) දින දක්වා පොලිස් රැඳවූම් බාරයේ තබාගෙන ප්‍රශ්න කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා අද (17) නියෝග කළේය.
බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මගින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීම සඳහා පැය 48 කාලයක රැඳවුම් නියෝගයක් ලබා දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.
මෙහිදී අගතියට පත් පාර්ශවය වෙනුවෙන් ජනාධිපති නීතිඥ රියන්සි අර්ශකූලරත්න සහ නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූය මහත්වරු ප්‍රධානව නීතීඥයන් සියයකට ආසන්න පිරිසක් අධිකරණයෙහි පෙනී සිටියහ.
විත්තිකරුවන් වෙනුවෙන් කිසිදු නීතිඥයෙකු ඉදිරිපත් නොවීය.
අදාළ නඩුව විභාග කිරීමට සැකකරුවන් අධිකරණයට රැගෙන එන අවස්ථාවේදී අධිකරණය හා ඒ අවට දැඩි ආරක්ෂාවක් යොදවා තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd