IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


නීතී විරෝධිව ගෙන ආ දුම්වැටි ගුවන්තොටේ සිර වෙයි

(ටී.කේ.ජී.කපිල )

රුපියල් ලක්ෂ තිහක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු අද (10 )අලුයම ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

මොවුන් දෙදෙනා ඩුබායි හි ගෘහ සේවය සදහා ගොස් ඇති අතර , එහිදී ඔවුන්ට එම රැකියා අවස්ථා නොලැබී ,  තවදුරටත් එරට  රැදී සිටියදී , එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් , තාවකාලික ගමන් බලපත්‍ර යටතේ මොවුන් දෙදෙනා ආපසු ශ්‍රී ලංකාව වෙත එවා තිබේ .‍ෙ ඔවුන් එසේ පැමිණෙන අතරතුර මෙම විදේශීය නිෂ්පාදිත දුම්වැටි 20,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 100 ක් , තම ගමන් මලු තුළ සගවා ගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ .

මොවුන් දෙදෙනා අතරින් එක් කාන්තාවක් 33 හැවිරිදි වියේ පසුවන මොරටුව ප්‍රදේශයේ පදිංචිකාරිනියක වන අතර අනෙක් කාන්තාව 52 හැවිරිදි වියේ පසුවන මීරිගම ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.



අදහස් (0)

නීතී විරෝධිව ගෙන ආ දුම්වැටි ගුවන්තොටේ සිර වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 611 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1095 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site