IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


‘නිති විරෝධි දෙයක් බහාලුම්වල තිබුණොත් අපි වගකිම ගන්නවා‘

(කේ බුද්ධික කුමාරසිරි)

වරායේ ඇති වී තිබූ තදබදයත් සමග පරීක්ෂාවකින් තොරව පිටතට යැවූ බහාලුම්වල යම් නීති විරෝධී ද්‍රව්‍යයක් මෙරටට රැගෙන විත් තිබුණොත් එහි වගකීම රජයක් ලෙස අපි භාර ගන්නවා යැයි වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත කොඩිතුවක්කු  මහතා පවසයි.

ඒ මහතා මෙම අදහස් පළ කළේ අද (23)  හෝමාගම බස් ඩිපෝවේ සිදු කළ නිරීක්ෂණ චාරිකාවකින් පසුව මාධ්‍ය අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය ජනිත කොඩිතුවක්කු මහතා මෙසේද කීය.


අපේ වරායට දිනකට එන බහාලුම් වලින් 80% ක් පමණ නැවත ප්‍රතිඅපනයනය වෙනවා. ආනයනය වන බහාලුම් දෙදහසක් පමණ දැන් දිනකට ලැබෙමින් පවතිනවා. වරාය වර්තමානයට ගැලපෙන පරිදි සංවර්ධනය කර නොතිබීම එයට ගැටලුවක්. එහි තිබූ තදබදය ඉවත් කිරීම සඳහා ග්‍රීන් චැනල් එක ඔස්සේ පරීක්ෂාවකින් තොරව බහාලුම් 373 ක් පිටතට යවා තිබෙන බව සත්‍යයක්.

එලෙස පරීක්ෂාවකින් තොරව බහාලුම් පිටකිරීම් සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට මේ වනවිට පැමිණිල්ලක් දාලා තියෙනවා. ඒ වගේම අභ්‍යන්තර පරීක්ෂණයක් ද සිදු කෙරෙනවා.

මෙරටට පැමිණි නැව් 27 ක ප්‍රමාණයක් නැවත හැරී ගොස් තිබෙන බව අපිට කිව්වේ නැව් ඒජන්තවරු විසින්මයි.  නැව් අපේ සීමාවට ආවට ආයේ හැරලා යන්නත් පුළුවන්. අනෙක් රටට ලඟා වෙන්න තියෙන වෙලාව අනුව අපේ රටේ තියෙන තදබදය නිසාත් නැවක් හැරිලා යන්න පුළුවන් ඒ පිළිබඳව දත්ත තියෙන්නේ නැව් නියෝජිතයන් ගාව පමණයි. ඉතින් අපිට එයාලව විශ්වාස කරන්න වෙනවා. නැව් වරාය ඇතුලට ඇවිල්ල හැරිලා ගියාද පිටතින් හැරිලා ගියාද කියන ප්‍රශ්නය තමයි තියෙන්නේ. ඇත්තටම අපේ වරාය දැන් කාර්යබහුලයි. ඒකත් රේගුවේ ප්‍රශ්නේ වගේ තමා. 2024 ඉවර වෙන්න තිබුන නැගෙනහිර ජැටිය අපි එනකොට තිබුනේ 2027 ඉවර කරන්නයි. මේ අවුරුද්දේම ඉවර කරගන්න අපි දැන් උත්සාහ කරනවා. 



අදහස් (7)

‘නිති විරෝධි දෙයක් බහාලුම්වල තිබුණොත් අපි වගකිම ගන්නවා‘

pj Thursday, 23 January 2025 02:08 PM

69 ලක්ෂයක් ඔහේලව විශ්වාස කළෙත් ඒ ලෙසටමයි....ජැටිය කෙසේ වෙතත් රට ඉවරවෙයි ළඟදිම....

:       48       188

Nilan Thursday, 23 January 2025 02:35 PM

වගකීම රෝල් කරලා තියාගෙන ඉන්න. දැන් අර කුඩ්ඩො ටික ඇප දීලා නිදහස් කරා. ඒ නිදහස් කරන්න අනුමැතිය දුන්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ ඊට පස්සේ උන් කුඩු එවනකොට කන්ටේනර් චෙක් කරන්නේ නැතුව නිදහස් කරනවා. කොහොමද ඒක. තනිකර රාජ්‍ය ආරක්ශාව යටතේ පාතාලෙයි කුඩුයි දැන්.

:       21       170

සුරෙන් Thursday, 23 January 2025 02:37 PM

පසුගිය වසර 10 පුරාම වරායේ ජැටි හදන්න පටන්ගන්න සමාගම්වලට දෙන්න සාකච්ඡා කරන කොට ඔයාලගේ යුනියන්කාරයෝ නේද වැඩ වර්ජන කරලා ඒවා කඩකප්පල් කරේ. කෙවිටක් අරන්ද තල තලා ද ජනතාව ඔයාලට ඒ අසික්කිත වැඩ මතක් කරන්න ඕනේ.

:       14       154

Kithsiri Thursday, 23 January 2025 02:41 PM

හයියෝ, දැන් කොහොමද එහෙම තිබුණද නැද්ද කියල වත් හොයන්නේ. කොහොමද අවි කන්ටේනරයක් ඇවිත් තිබුණ නම්. ඔතන කන්ටේනර් 373ක්. රටක් ආක්‍රමණය කරන්න තරම් අවි එවන්න පුලුවන් නේද?

:       9       135

Toni Thursday, 23 January 2025 03:26 PM

මොවුන්ට මොලෙත් නැහැ. ලැජ්ජාවත් නැහැ.. කඩේ යන අයටත් අදාළයි.

:       10       130

යෝගා Thursday, 23 January 2025 03:35 PM

හොරු අල්ලන්න ආපු අය කන්ටේනර් සිය ගණනින් හොරකම් කරන්නේ. පැලවත්තේ පට්ට හොරු සෙට් එකට කෝටි කීය ගානේද බෙදිලා ගියේ. මේක වහගන්න ඊළඟට කයියනායක මහින්දගේ තව මයිල් ගහක් අල්ලා ගනියි...

:       7       121

කට කහනවට Friday, 24 January 2025 05:37 AM

මේ මේ.... ඕක මදි වෙනවා කියලා දැනගෙන තමා හම්බන්තොට වරායක් හදලා තියෙන්නේ. ඔය වාඩි වෙලා ඉන්න තැනට පල්ලම් බැහැලා තියෙන මොළෙයි, ඒ වරායයි පාවිච්චි කලා නම් නැව් ආපහු හරවලා යවන්න ඕනේ වෙන් නෑ.

:       0       37

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ප්‍රසන්න ඉෂාරා හොයන්න වෙස් ගැන්වූ කණ්ඩායම්
2025 මැයි මස 02 495 0

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා අත්අඩංගුවට ගැනීමට රට පුරා විවිධ සැකකටයුතු ස්ථාන දහයක් පරික්ෂා කර ඇතත් මෙතෙක් ඔහු ගැන කිසිදු තොරතුරක් නැතැය


පාස්පෝට් නිකුත් කිරීම දින තුනක් සීමාකරයි
2025 මැයි මස 02 168 0

පළාත් පාලන මැතිවරණ රාජකාරී කටයුතු හේතුවෙන් මේ මස 5 වැනිදා සිට 7 වැනිදා දක්වා දින තුන විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින හා සාමාන්‍ය සේවාවන් සැපයීම



කොස්ගොඩ පොලිසිය ඇල්ලූ තරුණයා හදිසියේ මරුට
2025 මැයි මස 02 998 1

මත් ද්‍රව්‍ය සන්තකයේ තබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොස්ගොඩ පොලිසිය අත් අඩංගුවට ගත් තරුණයකු පොලිස් අත්අඩංගුවේදී රෝගී වී රෝහලට රැගෙන යන අ


’’සංක්‍රමණ’’ ජාත්‍යන්තර සංවිධානයෙන් ලංකාවට අත-හිත
2025 මැයි මස 02 204 0

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානයේ (IOM) ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන දූත මණ්ඩල ප්‍රධාන


අපේ අයගේ සාත්තුවට ඊශ්‍රායලය වශී වෙයි
2025 මැයි මස 02 1788 0

ශ්‍රී ලාංකික සාත්තු සේවා වෘත්තිකයින්ට ඊශ්‍රායල් රජයෙන් හිමිවන රැකියා අවස්ථා දිනෙන් දින ඉහළ යමින් පවතින අතර පසුගිය මාස හතරේ දී පමණක් 278 දෙනකු සඳහා ඊශ්‍


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 460 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 117 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1143 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site