
(ගයාන් සූරිය ආරච්චි)
මැතිවරණ නීති උල්ලංඝනය කළ අපේක්ෂකයන් තිදෙනෙකු ඇතුළු 69 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා පැවසීය.
මැතිවරණය පැවති පෙරේදා දින පැමිණිලි 121 ක් ලැබී තිබූ අතර අපරාධමය පැමිණිලි අටක් සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 113 ක් වාර්තා වී ඇති අතර මැතිවරණ නීති උල්ලංඝනය කළ වාහන විසි තුනක්ද පොලිස් භාරයට ගෙන ඇත.
මැතිවරණ කාල සීමාවේදී මැතිවරණ නීති උල්ලංඝනය කළ 581 දෙනෙකු මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති අතර අපේක්ෂකයන් 18 දෙනෙකු ඒ අතර සිටි බව තල්දුව මහතා කීය.
සමස්තයක් වශයෙන් මැතිවරණ නීති උල්ලංඝනය කළ වාහන 147 ක් මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති අතර එම සියලුම වාහන පෞද්ගලික වාහන බවද තල්දූව මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd