
(යොහාන් භාසුර)
අපවත්වී වදාල ආචාර්ය ගල්බොඩ ඥණීස්සර නාහිමියන්ගේ ජ්‍යෙෂ්ඨතම ශිෂ්‍ය භික්ෂුවක් වන මහා බ්‍රිතාන්‍යයේ සංඝ සභාවේ සභාපති, මිඩ්ලනඩ් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති සහ බර්මින්හැම් මහාවිහාරයේ විහාරාධිපති ආචාර්ය විතාරන්දෙණියේ කස්සප නාහිමියෝ, ගල්බොඩ ඥණීස්සර නාහාමි අනුස්මරණ ‘නැණ ඉසුර’ ශිෂ්‍යත්ව අරමුදලට රුපියල් කෝටියක් පරිත්‍යග කළහ.
රටේ නවෝත්පාදනයන්ට හා දැයේ දරුවන්ට ජීවිතය ජයගැනීමට අත්වැලක් ලෙස ආරම්භ කළ මෙම ‘නැණ ඉසුර’ ශිෂ්‍යත්ව අරමුදලේ ප්‍රතිලාභ සමස්ත සමාජයටම එක හා සමානව හිමිකරදීම අරමුණයි.
ආචාර්ය ගල්බොඩ ඥණීස්සර නාහාමි (ගංගාරාමයේ පොඩි හාමුදුරැවෝ) ඉටුකළ සමාජ සේවය එලෙසම පුළුල්ව කිරීම සදහා මෙම පරිත්‍යාගය කළ බව විතාරන්දෙණියේ කස්සප නාහිමියෝ පැවසූහ. එලෙසම ලොවට විහිදී ඇති බෞද්ධ විහාරස්ථාන මේ අගනා ශිෂ්‍යත්ව අරමුදල සඳහා මෙම පරිත්‍යාගය උදාහරනයක් ලෙස සළකා තම වගකීම ඉටුකරණු ඇතැයි තම බලාපොරොත්තුව බව ද උන්වහන්සේ සඳහන් කළහ.
ශ්‍රී ලංකාවේ දක්ෂ දුවා දරුවන් ඉදිරියට ගෙන ඒමට පොඩිහාමුදුරුවන් ගත් උත්සාහය තමන් ශිෂ්‍ය භික්ෂුවක් ලෙස දුටු බවත් විදේශ ධර්ම දූත සේවය සදහා ද පොඩිහාමුරුවන්ගේ ආදර්ශය මහොපකාරී වු බවත් කස්සප නාහිමියෝ පැවසූහ.
මෙම අරමුදල ශක්තිමත් කිරීමට අවශය කටයුතු ඉදිරියේදීත් සම්පාදනය කරන බව පැවසූ කස්සප හිමියෝ ශ්‍රී ලංකාවේ දක්ෂ දුවාදරුවන්ට මෙම අරමුදල ඉලක්ක ජයගැනීමට මගහසර සපයනු ඇතැයි ද විශ්වාස කරන බව වැඩි දුරටත් ස`ඳහන් කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබවහන්සේට බොහොම පින්. ඒ උතුම් සාසන කර්තව්‍යය වඩාත් හොඳින් ඉටු කිරීමට ඔබ වහන්සේට තව තවත් ශක්තිය ලැබේවා...!
සිදුහත් කුමරා නිවන් අවබෝධයට සියල්ල අතහැර ගිහිගෙයින් ගියා. රැස්කරනා අය... අනේ මන්දා...?