
(සුජිත් හේවාජුලිගේ)
විවිධ නඩු පැවරුණු විපක්ෂයේ දැනට සිටින මන්ත්‍රීවරුන් මෙන්ම හිටපු මන්ත්‍රීවරුන් විස්සකට ආසන්න පිරිසක් ආණ්ඩුව විවේචනය කරමින් අදහස් දැක්වීම කර ඇර ඇති හෙයින් පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටතදීත් ආණ්ඩුවට එරෙහිව ලොකු හඬක් නැගීමට ඇති අනගි අවස්ථාව අහිමි වීමෙන් පොදුවේ විපක්ෂය දැඩි අර්බුදයකට මුහුණදී සිටී.
සමහර කාරණා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වීමට විපක්ෂයේ පක්ෂ නායකයන් සමහර මන්ත්‍රීවරුන්ට වගකීම් පවරා ඇතත් ඔවුන් අවස්ථා ගණනාවකදීම ඒවා මගහැර ගොස් ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.
" මට නඩු ටිකක් තියෙනවා. ඒ නිසා මම මේ වෙලාවේ ටිකක් නිහඩව ඉන්නම්" යනුවෙන් පවසා එසේ මඟ හැර ගොස් ඇති බව දැනගන්නට ඇත.
මේ තත්වය යටතේ විපක්ෂයේ හඬ පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් දුර්වල වුණු තත්වයක් පෙනෙන්නට ඇතැයි දේශපාලන විචාරකයෝ සඳහන් කරති.
විපක්ෂයේ දැනට සිටින මන්ත්‍රීවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් විස්සකට ආසන්න පිරිසකට එරෙහිව විවිධ නඩු පවතින බව වාර්තාවේ.
මින් බොහොමයක් දූෂණ සහ වත්කම් සම්බන්ධ නඩු වේ.
විවිධ නඩු හේතුවෙන් ආණ්ඩුවට ප්‍රහාර ඉල්ලා නොකර මෙසේ නිහඬව සිටින මෙම පිරිසට පාර්ලිමේන්තුවේදී මෙන්ම දේශපාලන වේදිකාවේ පසුගිය කාලයේදී ප්‍රබලව සිය කටහඬ අවදි කළ මන්ත්‍රීවරුද ඇතුළත් වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රවෘත්තියේ මුලම ඡේදය අනුව නම් එහෙම ගොළුවීමක් සිදුව නැහැ.
ඇටි කෙහෙල් කාපු එක තමා ප්‍රශ්නේ...
කුම්බලා මාලු කාලා දිරවාගන්න බැරිව දගලන කොට තව කොච්චර කුම්බලා මාලු තිබ්බත් බලල්ලු මාලු කෑමට මැලිකමක් දක්වති...
හෘදය සාක්ෂිය දෙන වදේ ඔක්කොටම වඩා බරපතලයි, සිමියොන් ආතේ. "සයිකෝපැත්"ල, "සෝෂියොපැත්"ල ඇර අනික් අයට තමන්ගේ හිත දෙන වදෙන් ගැලවිල්ලක් නෑ.
මේවාගෙන් අති බහුතරය හුදෙක් වෛරය මත පදනම් වෙලා දාපු නඩු. ආණ්ඩුවේ උපක්‍රමය සාර්ථකයි, කතා කරොත් හිරේ. රටේ මෝඩ ජනයාත් මේවාට හුරේ දැම්මට, උන්ට කෙල වෙන දාට කතා කරන්න කවුරුවත් ඉතුරු වෙලා ඉන්න එකක් නෑ.
ඒක තමයි මේ මගුල් 76 වසරක සාපෙ අයින්ම කරලා රටට අලුත්ම දූෂිත නැති උගත් විපක්ෂයකුත් පත් කරගන්න වෙලාව හරි.. මොවුන්ට හිරේ යන වැඩ කරන්න පුළුවන්.. කරලා ලැජ්ජා නැතුව ජීවත් වෙන්නත් පුලුවන්...
ගොන් රෑනකට තුනෙන් දෙකේ බලය දීලා කටබලියන් ඉන්න වෙලා තියෙන්නේ දේශීය මෝඩ හැත්තට. ප්‍රශ්නේ තියෙන්නේ මොවුන්ගේ ගොන්කම් නිසා අපිත් විඳවන එක. එක මැට්ටෙක් කියලා තියෙන්නේ අවුරුදු 16න් සෙක්ස් කරන්න දෙන්න කියලා. ඒ මදිවාට ළමයින්ට බනින්න වත් බැරි වෙනවා ඉස්කෝලවල. ඒ අස්සේ LGBTQ ගෙනත් විකාර කරනවා. ආගම දහමට ගරහනවා. ඕවා කරපු ඇමරිකාවේ වත්මන් පරපුර පාර දිගේ ඉන්නවා ෆෙන්ටිනෝල් ගහලා පණපිටින් කුණු වේවි. මේ ආණ්ඩුව රටෙන් ගිය දාට රටක් ඉතුරු කරලා යන එකක් නෑ...
රනිලයි, සජියයි ඇතුලු සෙට් එක ජවිපෙත් එක්ක එකතු වෙලා තරඟෙට බොරු වැපුරුවා රත්තරං අස්සයොයි, ලැම්බොගිනියි, රොකටුයි, තාජූදීන් වගේ ෆැන්ටසි කතා කියාගෙන. අරගල කරෙත් ඒ සෙට් එකමයි එකතු වෙලා. අන්තිමට ජවිපේ අනිත් ඔක්කොම එලවලා ජනතාව හොඳම එකෙන් ගොනාට අන්දලා බලය ගත්තා. හැබැයි දැන් රට කරන්න තේරෙන්නේ නෑ. සතියකට වතාවක් බොරුවක් දෙනවා හප හපා ඉන්න...
අවුලක් නෑ. තව ටික දවසකින් සේරම විපක්ෂයේ ඔවුන් හිරේ දාලා උතුරු කොරියාව වගේ ඉන්න පුළුවන්...
අපේ රටේ ඉන්නේ දේශපාලන වශයෙන් මරි මෝඩ ඡන්ද දායක සෙට් එකක්. ප්‍රජාතන්ත්‍රවාදේ ප්‍රධාන ලක්ශණයක් තමයි ශක්තිමත් විපක්ශයක් තිබීම. ඉස්කෝලේ 8 වසරේ දැනුම නෑ මුන්ට. ඒකයි විපක්ශෙට කෙල වෙනකොට හුරේ දාන්නේ. උන්ට තේරෙන්නෙ නෑ විපක්ශෙ නැති උනාම උන්ගේ ප්‍රශ්ණ කතා කරන්නත් එකෙක් නෑ කියලා.