
(අංජුල මහික වීරරත්න)
නාගරික සංවර්ධන සැලසුම් අනුමත කිරීමේදී ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටුව සහ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ අනුමැතිය අනිවාර්ය කර ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
ජනතාවට ඵලදායී ලෙස සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම උදෙසා මෙම තීරණය ගත් බව අමාත්‍යවරයා කීය.
පසුගිය කාලයේදී එවැනි අනුමැතියකින් තොරව ක්‍රියාත්මක කළ සංවර්ධන ව්‍යාපෘතිවල විවිධ ගැටළු මතුවී ඇති බව ඇමතිවරයා සඳහන් කළේය.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ උපදේශක කාරක සභා රැස්වීමේ දී ඇමතිවරයා මේ බව සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙපමණ කාලයක් ප්‍රාදේශීය සංවර්ධන කමිටුව වගේම දිස්ත්‍රික්කය සංවර්ධන කමිටු නියෝජනය කෙරුවේ හා පාලනය කෙරුවේ අපිද ? වංචාව හා දූෂණ ඉහවහ ගිය නරුම පාලකයන් කෙරුවේ තමන්ගේ සාක්කුවට කීයක් හො වැටෙන ව්‍යාපෘතිය මිස ප්‍රදේශයට හෝ පලාතට අවශ්‍ය ව්‍යාපෘති නොවෙයි.
මළා...! මින් පස්සේ දේපළකට කප්පම් ගෙවන්න වෙනවාද?
දැන්ද පලදායි නැතිබව වැටහුනේ? තමුන්ල සහ පක්ෂයේ අය නේද ඕව කලේ. පැනල ගිය කෙනා ඡන්ද ගරා ගත්තෙ නාගරික සංවර්ධනය පෙන්වල නේද, දැන් ඒවත් අවුල්ද?
මීට පසුව නගර සංවර්ධනය සිහිනයක් වේවි.