(අංජුල මහික වීරරත්න)

නාගරික සංවර්ධන සැලසුම් අනුමත කිරීමේදී ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටුව සහ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ අනුමැතිය අනිවාර්ය කර ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

ජනතාවට ඵලදායී ලෙස සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම උදෙසා මෙම තීරණය ගත් බව අමාත්‍යවරයා කීය.

පසුගිය කාලයේදී එවැනි අනුමැතියකින් තොරව ක්‍රියාත්මක කළ සංවර්ධන ව්‍යාපෘතිවල විවිධ ගැටළු මතුවී ඇති බව ඇමතිවරයා සඳහන් කළේය.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ උපදේශක කාරක සභා රැස්වීමේ දී ඇමතිවරයා මේ බව සඳහන් කළේය.