IMG-LOGO

නගර රැසක තවමත් ගංවතුර

(ඩයනා උදයංගනී)
දින කිහිපයක් තිස්සේ පැවති තද වැසි හා සුළං හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 10 කට බලපෑ ආපදා තත්වයෙන් පවුල් 12,177 කට අයත්, 48,300 දෙනෙක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණය මධ්‍යස්ථානය පවසයි.
පීඩාවට පත් පවුල් 243 කට අයත් 1,037 දෙනකු ආරක්‍ෂිත ස්ථාන 25 ක රඳවා සිටින බව ද එම මධ්‍යස්ථානය සඳහන් කරයි.
මෙම ආපදා තත්වයන් මේ වන විට මේ ක්‍රමයෙන් පහව යමින් තිබෙන අතර ජල ගැලීම් පැවති බොහෝ ස්ථානවල ජලය මේ වන විට බැස යමින් ඇතැයි එම මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ (මාධ්‍ය) ප්‍රදීප් කොඩිප්පිලි මහතා  පැවසීය.
මෙම ආපදා තත්වයෙන් මරණ 5 ක් ද වාර්තා වූ අතර තවත් තිදෙනෙක් තුවාල ලැබූහ.
කෑගල්ල, ගම්පහ, කොළඹ, කළුතර, ගාල්ල, මාතර, කුරුණෑගල, පුත්තලම, රත්නපුර සහ මහනුවර දිස්ත්‍රික්කයන්හි ජනතාව මෙම වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වයෙන් පීඩාවට පත්වූ අතර ඉන් වැඩිම බලපෑමක් ඇතිවූයේ ගම්පහ දිස්ත්‍රික්කයටය.
ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය, අත්තනගල්ල, වත්තල, මහර, දිවුලපිටිය, මිනුවන්ගොඩ, මීරිගම, දොම්පෙ, බියගම, මීගමුව, ගම්පහ සහ කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්ට බලපෑ ජලගැලීම් තත්වය හේතුවෙන් පමුල් 8,914 කට අයත් 36,390 දෙනෙක් පීඩාවට පත්වූහ. මෙම තත්ත්වය හේතුවෙන්  නිවාස තුනක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර තවත් නිවාස 868 කට අර්ධ හානි සිදුව ඇත.
නිවාස හානි වෙනුවෙන් තක්සේරු වාර්තා අනුව වන්දි ගෙවීමට කටයුතු කරගෙන යන බව ද කොඩිප්පිලි මහතා පැවසීය.
අවතැන් වූ පිරිස් වෙත සහන සැලසීම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ආපදා කළමනාකරණ කණ්ඩායම් හරහා කරගෙන යන බව ද කොඩිප්පිලි මහතා සඳහන් කළේය.

පාදුක්ක ආටිගල ප්‍රදේශය ජලයෙන් යටවී ඇති අයුරු පාදුක්ක නිහාල් වෙත්තසිංහ

හිනිදුම නගරය ජලයෙන් යටවී ඇති අයරු- උඩුගම රවි ලියනගේ

මීගහවත් ප්‍රදේශයේ ජලයෙන් වැස්සෙන් වූ හානිය - මීගහවත්ත ප්‍රේමතිල පෙරමුණ

පල්ලේවෙල මාර්ග ජලයෙන් යටවී ඇති අයුරු - පුෂ්පකුමාර මල්ලවාරච්චි

ගම්පහ නගරය ජලයෙන් යටවී ඇති අයුරු - තිලකරත්න දිසානායක

ගනේමුල්ල - ගම්පහ පාර ජලයෙන් යටවී ඇති අයුරු මාකේවිට අර්නස් ජයතිලක

 



අදහස් (1)

නගර රැසක තවමත් ගංවතුර

kapila Sunday, 16 May 2021 02:07 PM

ඇයි අප්පා අපිට කිසිම පැත්තකින් සහනයක් නැත්තේ?

:       1       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 384 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 544 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site