
(අංජුල මහික වීරරත්න)
ඉන්දියානු බහු ආංශික ප්‍රදාන ආධාර යටතේ නැගෙනහිර පළාතේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ඉන්දියා බහු ආංශික ප්‍රදාන ආධාර යටතේ නැගෙනහිර පළාතේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දීය රජය හා ශ්‍රී ලංකා රජය අතර අවබෝධතා ගිවිසුමක් 2025-04-05 දින අත්සන් කරනු ලැබ ඇති අතර, ඒ යටතේ නැගෙනහිර පළාත් සංවර්ධන අවශ්‍යතා සපුරාලන ව්‍යාපෘති 33ක් ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රුපියල් මිලියන 2,371.83 ප්‍රදානයක් ලබා දීමට ඉන්දීය රජය එකඟතාව පළ කර ඇත.
එකී අවබෝධතා ගිවිසුමට අනුව ක්‍රියාත්මක කිරීමට නියමිත එක් එක් ව්‍යාපෘතියට අදාළව ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය හා රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය අතර වෙන් වෙන් වශයෙන් අවබෝධතා ගිවිසුම් අත්සන් කළ යුතුව තිබේ.
ඒ අනුව, ඉන්දියානු බහු ආංශික ප්‍රදාන ආධාර යටතේ නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘති 33ට අදාළ වන අවබෝධතා ගිවිසුම් 33, ඉන්දියානු මහ කොමසාරිස්වරයා සමඟ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් අත්සන් කිරීම පිණිස රාජ්‍ය පරිපාලන, පළාත් සහා සහ පළාත් පාලන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුව හදන්නත් වියදම් කළානේ. වියදම්වල ලාභය ඉල්ලනකොට දෙන්නේ රටම...