IMG-LOGO

නැගෙනහිර ආණ්ඩුකාර ධුරය ෂාන් විජයලාල්ට

(අජන්ත කුමාර අගලකඩ)

නැගෙනහිර පළාතේ  නව ආණ්ඩුකාරවරයා ලෙස  දකුණු පළාත් සභාවේ හිටපු මහ ඇමැති ෂාන් විජයලාල් ද   සිල්වා මහතා   අද (05)  මීට සුළු මොහොතකට පෙර  ජනාධිපති නිල නිවසේදී දිවුරුම් දුන්නේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී  මෙම දිවුරුම් දීම සිදු කෙරිණි.

නැගෙනහිර පළාතේ  ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ එච්.එල්.ඒ එම් හිස්බුල්ලා  මහතා ඉල්ලා අස්වීමෙන් පසු එම පුරප්පාඩු වූ තනතුරට ෂාන් විජයලාල්ද   සිල්වා මහතා මෙලෙස පත් කෙරිණි.

පසුගිය අප්‍රේල් මාසයේදි ෂාන් විජයලාල් ද සිල්වා මහතාගේ පළාත් සභා නිල කාලය අවසන් වන තුරුම ඔහු  පළාත් මහ ඇමැති ලෙස කටයුතු කළේය. 

අම්බලන්ගොඩ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායකවරයාද වන ඔහු අඛණ්ඩව තුන්වතාවක් දකුණු පළාත් සභාවේ මහ ඇමැතිවරයා ලෙස කටයුතු කළේය. 

(ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය)



අදහස් (10)

නැගෙනහිර ආණ්ඩුකාර ධුරය ෂාන් විජයලාල්ට

LALITHM Wednesday, 05 June 2019 08:44 AM

හිටපු ඔලු ටිකම තට්ටු මාරු කරනවා. කිසිම ප්‍රගතියක් නැති ක්‍රියාවලියක්.

:       0       414

Naushad Wednesday, 05 June 2019 09:21 AM

ඇමති සහ ආණ්ඩුකාරවරුන් දිවුරම් දුන් විදිහට ක්‍රියා කලානම් අද වෙනවිට ශ්‍රී ලංකාව පාරාදීසයක් වෙලා.

:       0       399

de silva berlin Wednesday, 05 June 2019 09:32 AM

ඔය පලත්සබහව කියන්නේ රටට අනවශ්‍ය රට්ටට බරක් වුන , දේශපාලකයන්ගේ දරුවන් දේශපාලනයට පුරුදු පහුණු කරන්න , බංකොලොත් දේශපාලකයන්ට ආණ්ඩු කාර තනතුරක් දීල සනසවන්න පුළුවන් , අපේ මුදල් වලින් පෝෂණය වෙන අපේ දියුණුවට භාද කරන්න ආයතනයක් , මේ කේ හැමදාම ඉන්නේ එකම ඔළුගෙඩි ටිකක්, මේක කරුණාකර අහෝසිකරලා දමල වාර්ෂිකව විනාශවෙන රුපියල් බිලියන කිහිපය රටේ අධ්‍යාපනය , ප්‍රවාහනය , වැනි රටට වැඩක් ඇති දෙයකට යොදවන්න.

:       0       733

චමින්දWednesday, 05 June 2019 10:00 AM

මේ රට ගමන්කරන්නේ මුලු ලෝකයටම ණය වෙවී මදිවට රටේ ජනයාව විවිධ බදුවලින් මිරිකමින් එහෙම තියෙද්දී පාලකයෝ කියනවා. ලැබ‍ෙන ආදායම ණය වාරකය හා පොළිය ගෙවන්නත් මදිලු ඒ අතර මැතිවරණ කොමිසම උසාවියේ කියනවා නියෝගයක් දෙනවානම් පළාත් සභා මැතිවරණයක් තියන්නම් කියල. තව වෙලාවක කියනවා පළාත්සභා ඡන්දය ප්‍රමාදවීමෙන් මානව හිමිකම් උල්ලංගනය වෙනවා කියල.හිටපු ලොක්කො දෙන්නෙක් නඩුදානවා පළාත්සභා මැතිවරණය ඉල්ලලා. මේ රට කාබාසිනියා කරන පළාත්සභා වහාම අහෝසි කල යුතුයි

:       0       298

chathuri Wednesday, 05 June 2019 10:21 AM

ජනතාව දැන් පෙළ ගැසෙන්න.... රටේ හැම ඉහළ රැකියා පත්වීම් පුරප්පාඩු වටම නැවත පත්වීම් දෙන්නේ හිටපු නඩේ කෙනකුට ඇයි? අලුත් තරුණයකුට දෙන්න බැරි මේ කට්ටියව විශ්‍රාම අරින්න තරුණයින්ට රැකියා නැහැ. මහල්ලන්ට ඕන තරම් දැන් මේ පක්ෂව වල එකෙක් නැහැ හොඳයි කියන්න...... දැන් ඉන්න තරුණයින් ලග අලුත් අදහස් අලුත් වැඩ පිළිවෙලවල් තියෙනවා. ජනතාව කරුණාකරලා මෛත්‍රීව නම් නැවත ජනපති කරන්න කතිරේ ගහන්න. එපා. රටේ සංහිදියාව කියල පිරිමින්ගේ කොන්ද කැඩුවා.....

:       2       752

de silva Wednesday, 05 June 2019 11:40 AM

රේගුවේ ඉන්න කාලේ හොඳට හම්බකළා, මහ ඇමැතිවෙලා වෙලා ඉන්න කොට ඊට වැඩිය ගරාගෙන කෑවා තමයි, මදි පාඩුවට දැන් ආණ්ඩුකාර කමක්, ඊට පස්සේ සංස්ථා සභාපති කමක් එහෙම දෙමු. ලංකාවේ උගත්, වැදගත්, අවංක තරුණයෝ වෙන නැහැනේ.. එම නිසා ඔබලාම එකතුවෙලා අපිව තව ටිකක් කන්න.

:       83       382

ජයන්ත මිලානෝ Wednesday, 05 June 2019 04:20 PM

මේ ඔක්කෝම එලවා දමන්න කාලය ඇවිත් තියෙන්නේ.

:       0       103

Jaya Thursday, 06 June 2019 02:25 AM

කාඩ් කුට්ටමේ වගේ එකම ඔළුගෙඩි ටික එහාට මෙහාට මාරුකරනවා. ඊට පස්සේ සහජීවනය, සංවර්ධනය, ජාතික ආරක්ෂාව වගේ නිකන් වචන සෙට් එකක් තප්පුලනවා.

:       0       0

de silva Thursday, 06 June 2019 06:20 AM

හැමදාම රට පාලනය කරන්නේ එකම ඔළුගෙඩි සෙට් එක , ආණ්ඩුව වෙනස් වුනත් මේ සෙට් එකෙන් කොටසක් ගිහින් අනිත් පැත්තේ වාඩි වෙනවා, මනාපවලින් පැරදුනහම ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යනවා , එහම නැත්නම් සංස්ථා සභාපති , ආණ්ඩුකාර , තානාපති වැනි තනතුරක් හම්බ වෙනවා , රට දිනෙන් දින අගාදයට යනවා, දේශපාලකයෝ තර වෙනවා.

:       0       22

Bamunuarachchi Thursday, 06 June 2019 10:14 AM

රටේ පාලනය බකොලොත් වෙලා කියලා හොඳට පැහැදිලී නේද?

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 64 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 975 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site