
(අංජුල මහික වීරරත්න)
නයිනතිව් ප්‍රාදේශීය රෝහලේ නව බාහිර රෝගී අංශ ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) පෙරවරුවේ සිදුකෙරිණි.
නව බාහිර රෝගී අංශ ගොඩනැගිල්ල හදිසි අනතුරු ඒකකයක්, ඖෂධ ශාලාවක්, එන්නත් කාමරයක්, දන්ත ඒකකයක්, හෙද විවේකාගාරයක්, ඊ.සී.ජී ඒකකයක්, ශල්‍ය ඒකකයක්, ප්‍රාථමික සත්කාර ඒකකයක් මෙන් ම සනීපාරක්ෂක පහසුකම් වලින් ද යුක්තය.
මෙම ව්‍යාපෘතියේ ආරම්භකයින් වන්නේ වාසන් සිවාජිරාසන් මහතා සහ ජසින්තා මහත්මිය වන අතර, සම්පත්දායකයින් ලෙස ජර්මානු රතු කුරුස වරෙන්ඩොර්ෆ් ශාඛාව සහ ශ්‍රී ලංකා රතු කුරුස සංගමය කටයුතු කර ඇත.
මෙවැනි ප්‍රාදේශීය සෞඛ්‍ය මධ්‍යස්ථාන රට පුරා ස්ථාපිත කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනයට පසුගිය මාස කිහිපයේ සවිස්තර සැලසුමක් සකස් කරමින් සිටින බව ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහි දී පැවසී ය.

2025 දෙසැම්බර් මස 18
274
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නාගදීපයට රෝහලක්
මාලිමාපෙන්දා Sunday, 13 July 2025 09:37 AM
කිසිම විවෘත කිරීමකට දේශපාලකයාත් නොයනවා කියන කට උල්කර අත ගුළිකර සපථ කළ න්‍යාය චුට්ටක් වෙනස්වෙලා. මොකද මේක රතුකුරුසෙන් කළ එකක්නේ...