
(ගයාන් සූරියආරච්චි)
මිරිහාන ආනන්ද සමරකොන් එළිමහන් රංගපීඨයේදී පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ මහජන රැළියට සමගාමීව විශේෂ රථවාහන හා ආරක්ෂක සැලැස්මක් අද (21) ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
මෙම මහජන රැලිය සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ප්‍රභූවරුන්, දේශපාලන පක්ෂ නායකයන්, නියෝජිතයන්, පාක්ෂිකයන් හා ඒ සදහා සහභාගි වන මහජනතාවගේ ආරක්ෂාව සදහා මෙම විශේෂිත රථාවාහන සහ ආරක්ෂක සැලැස්ම ක්‍රියාත්මක කෙරේ.
ඒ අනුව අද (21) දහවල් 2.00 සිට රැළිය අවසන් වන අවස්ථාව දක්වා නුගේගොඩ ගුවන් පාලම අසල හයිලෙවල් හන්දියේ සිට නාවල මාර්ගයේ නාවන වටරවුම දක්වා වූ රථවාහන ගමනාගමනය සීමා කිරීමට නියමිතය.
එම කාලය තුළ රියැදුරන්ට සහ මහජනතාවට සිදුවන අපහසුතා මගහරවා ගැනීම සදහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
කොළඹ දෙස සිට හා කොහුවල දෙස සිට නුගේගොඩ නගරය හරහා නාවල දෙසට හා පිටකෝටටේ දෙසට ගමන් කිරිමට පැමිණෙන වාහන හයිලෙවල් මාර්ගයේ ගම්සභා හන්දියෙන් වමට කට්ටිය හන්දිය ඔස්සේ මිරිහාන දෙසට හා නාවල දෙසට ගමන් කළ හැකිය.
පිටකෝට්ටේ දෙස සිට හා නාවල දෙස සිට නුගේගොඩ නගරය හරහා හයිලෙවල් මාර්ගගය දෙසට ගමන් කිරීමට පැමිණෙන වාහන නාවල වටරවුමෙන් කට්ටිය හන්දියෙන් ගම් සභා හන්දිය හා දෙලකද හන්දියෙන් හයිලෙවල් මාර්ගය දෙසට ගමන් කළ හැකිය.
මහරගම දෙස සිට හයිලෙවල් මාර්ගය ඔස්සේ නුගේගොඩ නගරය දෙසට ගමන් කරන වාහන ගම්සභා හන්දියෙන් දකුණට කට්ටිය හන්දිය ඔස්සේ ගමන් කළ හැකි බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ නාස්තිය කරලා රටම විනාශ කරපු ,ජනතාව රවට්ටපු මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු, ජනතාවගේ රීරී මාන්ස හූරාගෙන කාපු දූෂිතයෝ බලය නැතුව හොරාකන්න විදියක් නැතුව වියරු වැටිලයි ඉන්නේ...
මේ වගේ දේවල් වලට අවසර දුන්නේ කවුද? AL විභාගය තියෙන දවසක් නේද? වහාම තහනම් කරනු...