(ඉන්දික අරුණ කුමාර)
ලෝක උරුම නකලස් වන භූමියේ නිදැල්ලේ සිටි මී ගවයින් දෙදෙනෙකු ඝාතනය කර, උන්ගේ හිසෙහි කොටස් පිටවල පතන හා රිවස්ටන් මුදුන ආශ්‍රිතව මාර්ග අසල දමා තිබිය දී සංචාරකයන් පිරිසකට හමුවී ඇත.
මීට අමතරව පිටවල පතන ආශ්‍රිතව තවත් ගවයින් දෙදෙනෙකු හා අවට පිහිටි ගම්මානයක තවත් ගවයෙකු වශයෙන් මේවනවිට මී ගවයින් 5දෙනෙකු ඝාතය කර ඇති බවට තොරතුරු අනාවරණය වෙයි.
කලින් කලට සිදුවන නකල්ස් වන භූමියේ සත්ව ඝාතනයන් සම්බන්ධයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කළාප භාර වන නිලධාරි එම්.සී. ඉළුක් කුඹුර මහතාගෙන් කළ විමසීමක දී හෙතෙම කියා සිටියේ වසරකට පමණ පෙර වාර්තා වූ ගව ඝාතන සිදුවීම් හැරුණු විට නව තත්ත්වයන් පිළිබදව මේ වන විට වාර්තා වන බවය.
කෙසේවෙතත් නකලස් කළාපයේ වන සතුන් දඩයම සම්බන්ධයෙන් පුද්ගලයින් රැසක් පසුගිය සමයේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති බව කියා සිටි ඉළුක් කුඹුර මහතා අවධාරණය කර සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් කඩිනමින් අවශ්‍ය පියවර ගන්නා බවයි.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වු නම සදහන් කිරිමට අකමැතිවු ඝාතනය වු ගවයින් දෙදෙනෙකුගේ හිමිකරුවෙකු කියා සිටියේ නකලස් වන පෙත තුළ කලක් තිස්සේ සිදුවන ගව ඝාතනයන් සම්බන්ධයෙන් වග කිවයුතු කිසිවෙකුත් නොමැති බවයි.සී සා අවසන් වී සති දෙකක් පමණ ගතවී ඇති මොහොතක සිය ගවයින් දෙදෙනෙකු මස් පිනිස ඝාතනය කර ඇති බව කියා සිටි හෙතෙම අවධාරණය කර සිටියේ මේ සම්බන්ධයෙන් වග කිවයුත්තන්ගේ අවධානය යොමු විය යුතු බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවන් පාපතරයින්ට මෙලොවදීම සියලු සැප සම්පත් ළඟාවනු ඇත.
ඔය පැත්තේ හරක් මස් කන අය වැඩියි.
කියන්න තියෙන්නේ කැලෑවල් ටිකත් උලාකාලා වන සතුන්වත් මරන් කාලා පුරාවස්තු ටිකත් ඩෝසර් කරලා රටම කාපියව් කියලා තමයි. මේවා බලන්න නායකයෙක්, රජයක් හෝ නිලධාරියෙක් නැති නිසා දේව සාප තමයි ඉදිරියේදී ලැබෙන්නේ...
හලාල් කරලා වෙන්න ඇති..?
නළල, දිගන, අකුරණ, මාතලේ, උඩු දුම්බර ළඟම තියෙන නගර...
බෞද්ධයන් වශයෙන් අප යනෙනා මේ සංසාර ගමනේදී ලොව සියලු සත්වයෝ අපගේම නෑදෑයන් බව රහසක් නොවේ. සත්වයකුගේ ප්‍රාණයක් නසන්නට පෙර සිතන්න... යම්කිසි විටෙක එම සත්වයා ඔබේම මවක්, පියෙක්, සහෝදරයෙක්, එයයි මේ සංසාර ගමනේ ස්වභාවය.
පාපතරයින්ට වැහි නැති හෙන ගහන්න ඕනේ. දෙවියනි, ඔබ කොහේද ඉන්නේ? මේ රටේ වෙන දේවල් බලන්නේ නැද්ද? පාපතරයින්ට දඬුවම් දෙන්නේ නැද්ද?
දැන් මේ රට පව්කාරයින්ගේ, මෝඩයින්ගේ නිජබිමක් වෙලා...