
(අංජුල මහික වීරරත්න)
සමස්ත ලංකාවම ආවරණය වන පරිදි ගෙවතු වගා වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
අප්‍රේල් 18 පෙරවරු 10.16ට යෙදී ඇති ජාතික පැළ රෝපණය කිරීමේ නැකතට ඵලදායී පැලයක් රෝපණය කරන ලෙස සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද අමාත්‍යවරයා කීය.
නැකතට පැළයක්- ජාතියට හුස්ම දෙන නැකත යන තේමාවෙන් ක්‍රියාත්මක රුක් රෝපණ වැඩසටහන යටතේ විජය පුවත්පත් සමාගමේ කාර්යමණ්ඩලයට පළතුරු පැළ බෙදා දීමේ අවස්ථාවට සහභාගී වෙමින් කෘෂිකර්ම අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
රුක් රෝපණ නැකත අලුත් අවුරුදු නැකැත් සීට්ටුවට එක් කළේ තමා පරිසර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවස්ථාවේදී බව කී අමරවීර මහතා ඉන්පසු අඛණ්ඩව මෙම වැඩසටහන පවත්වාගෙන පැමිණි බව කීය.
මෙම වැඩ සටහන යටතේ පැළ ලක්ෂ ගණනක් රෝපණය කළ බවත් දැන් ඒවා උස් මහත් වී ඵල දරන තත්ත්වයට පත් වී තිබෙන බවත් අමාත්‍යවරයා කීය.
මෙහිදී අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍යාංශයේ අධ්‍යක්ෂිකා ජී.ජී.වී ශ්‍යාමලී මහත්මිය පැළ සිටුවීමේ හා නඩත්තු කිරීමේ තාක්ෂණික කරුණු පිළිබඳව පැහැදිලි කළාය.
හදබිම අධිකාරියේ සභාපති සරත් විතාන මහතාද මෙම අවස්ථාවට සහභාගී විය.
(ඡායාරූප: රුෂිරු කොළඹතන්ත්‍රිගේ)









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තෝරාගත් දේශපාලන හිතවතුන් පිරිසක් සදහා ඔය පැල දෙනවා ඇති නිසා අපිට නොලැබේවි පසුගිය කාලයේ ඔහොම බෙදාහැරීම කර සිටවූ පොල්පැල හරියාකාරව හිටෙව්වනම් මේ වනවිට ලංකාව පොල් වලින් ඉතාමත් සශ්‍රීක වෙන්න තිබුනා අපිට නම් ලැබුනත් නැතත් මොනවා හෝ පැලයක් අවුරුදු ආහාර අනුභවය වෙලාවට වැඩ ඇල්ලීම වෙනුවෙන් කරනවා.එතකොට බලන්න පුළුවන් මධ්‍යම රාත්‍රියේ සිටුවන පැලයක් වැඩෙන්නේ කොහොමද කියලා