(ඩයනා උදයංගනී)
ඉල්ලා අස්වීම සඳහා තවදුරටත් නැකත් බලමින් නොසිට වහාම ඉල්ලා අස්වීමේ ලියුම් භාරදෙන්නැයි ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට දැනුම් දෙන බව ගාලුමුවදොර අරගලකරුවෝ පවසති.
රටේ ජනතාව ඉවත්ව යන්නැයි කී පසු නැකත් අදාළ නොවන බවත්, ඉල්ලා අස්වීම නොදී කුමන හෝ ක්‍රමයකින් තව දවසක් හෝ බලයේ සිටීමට ඔවුන් උත්සාහ කරන්නේ නම් එයට ඉඩ නොදෙන බවත්, ඔවුන් ඉල්ලා අස්වන තුරු ජනතාව දැනට අත්පත් කරගෙන සිටින ජනාධිපති මන්දිරය, අගමැති මන්දිරය සහ ජනාධිපති ලේකම්කාර්යාලය යන ගොඩනැගිලි ජනතා අයිතියෙන් ඉවත් නොවනු ඇති බවත්, අරගලකරුවන් නියෝජනය කරමින් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා පැවසීය.
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන දෙපල ඉවත් වූ පසු ගොඩනැගිය යුත්තේ සර්වපාක්ෂික ආණ්ඩුවක් නොව අරගලකරුවන් ද සම්බන්ධ වූ, ජනතාවගේ ආර්ථික දේශපාලන ඉල්ලීම් ඉටුකරගත හැකි අන්තර්කාලීන පාලනයක් බවත් ඔහු සඳහන් කළේය.
සර්වපාක්ෂික ආණ්ඩු ගොඩනැගීමට පාර්ලිමේන්තුවේ දේශපාලන පක්‍ෂ උත්සාහ කරන්නේ නම් එයට ඉඩනොදෙන බව කී මුදලිගේ මහතා ‘ජනතාව අරගල කළේ, තරුණයන් වෙඩි කෑවේ හා තෙල් පෝලිම්වල මියගියේ සර්වපාක්ෂික අටමගුල් අටවා තවත් හොරනඩයට අවස්ථාව දෙන්නට නොවේ,” යැයි ද කීවේය.
ඔහු මේ බව පැවසුවේ ගාලු මුවදොර ගෝඨා ගෝ ගමේ පිහිටි සිනමා ශාලාවේදී අද (10) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
අරගලය නියෝජනය කරමින් තවත් පිරිසක් මෙහිදී අදහස් දැක්වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර ගෙනත් දාපු අගමැතිව අයින් කරලා මිසක් යන්න එපා...
යන්න කළින් රටේ කෑල්ලක් විකුණලා වත් යන්න කල් මරනවාද?
ඔබලා ගිහින් උපාධි අරන් එන්න... පව් නොදී... ගම්වල කට්ටිය... පොල් කටුවෙන් වතුර බීපු කට්ටිය....!
ජනාධිපති මන්දිරය, අගමැති මන්දිරය සහ ජනාධිපති ලේකම් කාර්යාලය යන ගොඩනැගිලි පොදු දෙපළයි. සාමකාමී අරගලය මුවාවෙන් පැමිණ මෙම මහජන දේපල හානිකර තිබෙන්නේ නම් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු පිරිස එහි වගකීමත් බාරගත යුතුවේ...!
අනුර කුමාරගේ විතරක් කිසිම කෙනෙකුගේ ගෙවල් ගිනිගත්තේ නැත්තේ ඇයි කියලා සැකයක් ඇතිවෙලා තියෙන මොහොතක්...! විජේවීර කියයි.
කවුද මේ කියන්නේ... අපේ 5000න් ජීවත්වුණු විශ්ව විද්‍යාල පාලුවන්.... රට ජෙප්පන්ට ගියොත් හමුදාව වග කියන්න ඕනේ. ඝෝඨාභය මහතාණෙනි, රට යුද්ද හමුදාවට දෙන්න. ස්ර්වපාක්ෂික ආණ්ඩු හදන්නේ නැතිව 3 දෙනෙක් මොවුන් ඉන්න ආණ්ඩුවකට බලය දෙන්නේ කවුද?
හරියට හරි... මමත් ඒකටම තමයි එකඟ වෙන්නේ... සිස්ටම් චේන්ජ් එක මෙතැනින්ම පටන් ගනිමු. අද කළ යුතු දේ හෙටට කල් නොදමනු..!
අන්න දැන් තමයි නියම විෂන් එක ආවේ... ඕක තමයි මුලදිත් කිව්වේ.... පස්සේ අමතක වෙලාද කොහේද? 225 කතාව නැහැ... ගෝඨා ගෝ හෝම් විතරයි කිව්වේ. 225 ම අයින් වෙන්න කියන්න. ජවිපයත් උත්සාහ කරලා බලයට එන්න, වෙන ක්‍රමයක් එයාලට නැහැනේ. බොරදියේ මාළු බාන්නයි ඔක්කොම ලෑස්තිය...
මෙහෙමත් මෝඩ මිනිස්සු. ලංකාවත් සිරියාවක්, ලිබියාවක් වෙනකන් කළ ගොන්කම් තේරුම් නොයනු ඇත...
වත්මන් ජනපති හා අගමැති දෙදෙනාම නිල වශයෙන් එම ධුරවලින් ඉවත්වන/ කරනතෙක් මේ අරගලය අඛණ්ඩව කරගෙන යාමට ධෛර්යය හා ශක්තිය ලැබේවා!... සුබ පතමු...
දැන් පාර්ලිමෙන්තුවේ ඉන්න ගොබ්බයින් බලන්නේ කොහොමහරි අටමගුලක් හදාගෙන රට කන්න, දෙන්න එපා තවත් මොවුන්ට ඉඩ. අරගලයට ජයවේවා! ජයවේවා!! ජය වේවා.!!!