(ඉන්දික අරුණ කුමාර)
මාතලේ , නාඋල ප්‍රදේශයේ පුවක් ගෙඩියක මිල රුපියල් 16 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මාතලේ සහ දඹුල්ල ප්‍රධාන නගර අතර පිහිටි ප්‍රධාන උප නගරයක් වන නාඋල නගරයේ දෛනිකව තොග සහ සිල්ලර වශයෙන් පුවක් හා බුලත් අලවිකරනු ලබයි.
අමු පුවක් ගෙඩියක් රුපියල් 16 කට අලෙවි වන අවස්ථාවක් මින් පෙර කිසිදු දිනෙක උදාවී නැතැයි පාරිභොගිකයෝ කියා සිටිති.
ලංකාවේ විවිධ ප්‍රදේශ වලින් රැගෙන එනු ලබන අමු පුවක් මෙන්ම කරුංගා පුවක් ද නාඋල නගරයේ දී අලෙවි කරනු ලබයි.
පසුගිය සති කිහිපයේදීම ක්‍රමිකව වර්ධනය වු පුවක් මිල මේ වන විට ඉතා ඉහළ අගයක් ගෙන ඇත්තේ ඇයි දැයි යන්න සම්බන්ධයෙන් ව්‍යාපාරිකයින්ගෙන් විමසීමේදී කියා සිටියේ ප්‍රමාණවත් පරිදි පුවක් තොග නොමැති වීම මිල ඉහළ යෑමට බලපා ඇති බවයි.
මඩ පුවක් මෙන්ම කරුංගා පුවක් වල ද සැලකිය යුතු මිල ඉහළ යාමක් මේ දිනිවල දි තොග වෙළදපොලේ දක්නට ලැබෙන බවත් ඉදිරියේ දී පුවක් වල මිල තවදුරටත් ඉහළ යනු ඇතැයි තොග වෙළෙන්දෝ කියා සිටියහ.
පසුගිය සමය පුරාවට විවිධ අන්දමින් වෙනස් කම් සිදුවෙමින් ඇතිවු කාලගුණික විපර්යාස හේතුවෙන් පුවක් පළදාව අඩුවීම,නියගය ඇති සමයේ නොමේරූ පුවක් ගෙඩි බිමට වැටීම ආදී කරුණු ගණනාවක් හේතුවෙන් පුවක් අස්වනු අඩුවීම, මිල ඉහළ යෑමට බලපා ඇති බව වැඩිදුරටත් අදහස් දැක්වු නාඋල පුවක් තොග සැපයුම්කරුවෝ කියා සිටියහ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
නාඋල පුවක් ගෙඩියක මිල රුපියල් 16 ක්
නිලන්ත Tuesday, 11 August 2020 05:26 PM
පුවක් හින්දයි අද මේ වෙනස...
ගොත්මි Thursday, 20 January 2022 12:14 PM
නියමයි