IMG-LOGO

නි. නගරාධිපතිගේ පසු ගමන් රියට ලක්ෂ එක හමාරක්

(මුදිතා දයානන්ද)

සභාවේ කිසිවකු ගමන් නොකරන රථයක් වෙනුවෙන් කොළඹ මහ නගර සභාව මසකට එක්ලක්ෂ හතළිස් දහසක් වැය කරන බව ද එයට තම පක්ෂය එකහෙළාම විරෝධය දක්වන බව ද ජනතා විමුක්ති පෙරමුණේ කොළඹ නාගරික මන්ත්‍රී හේමන්ත වීරකෝන් මහතා පැවැසීය.

මෙම රථය නියෝජ්‍ය නගරාධිපති එම්.ටී.එම්. ඉක්බාල් මහතාගේ පිටුපසින් ගමන් කිරීමට යොදා ගැනීම දැවැන්ත මුදල් නාස්තියක් බව ද ඔහු කීය.

නාගරික මන්ත්‍රීවරයා මේ බව පැවැසුවේ, නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැති කොළඹ මහ නගර සභාවේ මහා සභා රැස්වීමේදීය.

කොළඹ නගරාධිපතිනිය සහ නියෝජ්‍ය නගරාධිපති වෙනුවෙන් පසු ගමන් රථ භාවිත කිරීම සාම්ප්‍රදායිකව ඉතිහාසයේ සිට සිදු වුව ද යුද්ධයක් හෝ ආරක්ෂාව සම්බන්ධයෙන් රටේ විශේෂ ප්‍රශ්නයක් හෝ නොමැති අවස්ථාවකදී මෙවැනි පසු ගමන් රථ යොදා ගැනීම ජනතා බදු මුදල් අයථා පරිහරණයක් බව ද වීරකෝන් මහතා ‘ලංකාදීප’ය ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී පැවැසීය.

රටේ මුදල් නැහැ කියන වේලාවේ සඳලුතලවලින් බිමට බැස ජනතාවගේ ප්‍රශ්න ගැන සොයා බලන්නැයි ද ජනතාව උද්ඝෝෂණය කරන වේලාවක, ජනතාව ජීවන වියදම දරාගන්න බැරිව පීඩාවට පත්ව සිටින වේලාවක මෙවැනි දේ සිදු වීම අනුමත නොකරන බව ද ඔහු කීය.

මෙම යෝජනාවට විරෝධය දක්වනු ලැබුවේ තම පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම පමණක් වන අතර, සෙසු සියලු පක්ෂ නියෝජිතයෝ එය අනුමත කළ බව ද ඔහු පැවැසීය.

 



අදහස් (3)

නි. නගරාධිපතිගේ පසු ගමන් රියට ලක්ෂ එක හමාරක්

හාමල්ලී Tuesday, 03 May 2022 07:02 AM

රට ගැන හැගීමක් නැති උඩගුකමින් හිස උදුම්මාගත් අමනයින් ජනතා මුදල් ගසාකෑමට සකසාගත් නීතියක් කියන්න පුළුවන් .මේවාට ජනතාව විරුද්ධව නැගී සිටිය යුතුය ඉදිරි පළාත් පාලන මැතිවරණ අවස්ථාවක මෙම අමන ප්‍රතිපත්ති අහෝසි කරන අයෙකුට ජනතා කැමැත්ත දීමට වගබලා ගතයුතුය

:       0       0

Hafeel Tuesday, 03 May 2022 09:27 AM

දැන්වත් ජනතාව තේරුම්ගතයුතුයි මේ පක්ෂ දෙකටම ජනතා දුක දැනන්න නැහැ. ඔවුන්ව ප්‍රතික්ෂේප කරලා නව බල වේගයක් බලයට ගෙන්න ඕනේ.

:       0       0

Shan Tuesday, 03 May 2022 04:16 PM

මුන්ව අමු අමුවෙ හම ගහන්න ඔන.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 173 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 670 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1069 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site