(සුජිත් හේවාජුලිගේ)
ධීවර අමාත්‍යාංශය ගාල්ල කයිකාවල මුහුදු ප්‍රදේශයේ නැංගුරම්පොළක් ඉදි කිරීමට කොන්ත්‍රාත් සමාගමකට ගෙවා ඇති රුපියල් කෝටි පහක පමණ අත්තිකාරම් මුදලක් එම සමාගමෙන් ආපසු අය කරගෙන නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.
මෙම ඉදිකිරීම් කටයුත්ත ඉදිකිරීම් බලපත්‍රයක් නොතිබීම හේතුවෙන් ආරම්භයේදීම නවතා දමා තිබූ බව එම වාර්තාවේ දැක්වේ.
නැගුරම්පොළ වසරක් ඇතුළත ඉදිකිරීම සඳහා කොන්ත්‍රාත් සමාගම සමග පැකේජ දෙකක් යටතේ ගිවිසුම් වලට එළඹ තිබුණේ 2014 වසරේදීය.එම ගිවිසුම් අනුව කොන්ත්‍රාත්තු දෙකේ වටිනාකම රුපියල් කෝටි 24කට වැඩි බව විගණන කාර්යාලය පවසයි.
අත්තිකාරම් මුදල ගෙවා වසර නවයක් ගත වී තිබුණද එම මුදල අයකරගෙන නැතැයි වාර්තාවේ වැඩිදුරටත් සඳහන්වේ. මේ තොරතුරු සඳහන් වන්නේ ජාතික විගණන කාර්යාලයේ 2023 වාර්ෂික වාර්තාවේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ධීවරයාගේ සල්ලි කෝටි පහක් පිනට දීලා