
(යොහාන් භාසුර)
ගිනිකොනදිග බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර සහ නාවික යාත්‍රා සැළකිලිමත් වියයුතු යැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.
ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළ බටහිර - වයඹ දෙසට ගමන් කිරීමට ඉඩ ඇති බවත් එය ලබන 11 වැනිදා පමණ ශ්‍රී ලංකා - තමිල්නාඩු වෙරළට ඔබ්බෙන් නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයට ළඟා වීමට ඉඩ ඇති බවත් එම නිවේදනයේ සඳහන් වේ.
එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව ඉතා තද සුළං පැයට කිලෝමීටර 60 වැඩි සුළං සමඟ තද වැසි පැවතිය හැකි අතර එම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd