(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
ධීවර කටයුතුවල වක්‍රව යෙදුණු 15,000කට එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් සිදුවූ හානි හේතුවෙන් ලබාදී තිබු රුපියල් කෝටි ගණනක වන්දි මුදල් මාස හයක් තිස්සේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සිර වී පවතින බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී අද (9) පැවසීය.
ධීවරයාට දෙන දේ අරගෙන නිකම් වෙන දේ බලාගෙන ඉන්න අමාත්‍යවරයකු වැඩක් නැතැයි පැවසූ අමාත්‍යවරයා තෝරාගත් ධීවරයන් පන්සීයකට පමණ තවමත් වන්දි මුදල් ලැබී නැතැයිද ප්‍රකාශ කළේය.
මාන්නප්පෙරුම මහතා මෙසේ පැවසුවේ ධීවර හා ජලජ සම්පත් පනත යටතේ නියෝග පිළිබඳ විවාදයේදීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අජිත් මාන්නප්පෙරුම මහතා මෙසේද පැවසීය.
මේ ප්‍රශ්නය සිද්ධ වෙලා අවුරුදු දෙකහමාරක්. තවමත් ඒ අයට සත පහක් දීල නැහැ. ධීවර ඇමති තුමාට මේක තනිවම කරන්න බැහැ. ධීවර ඇමැතිතුමා ආයතන සමඟ එකතු වෙලා ධීවරයන් ශක්තිමත් කරන්න යම් වැඩපිළිවෙලක් සකස් කරන්න.
සල්ලි හම්බ වෙලා තියෙද්දි ඒක බෙදන්නේ නැත්තේ ඇයිද කියන එක ප්‍රශ්නයක්.
වැලි ඉවර කිරීම නිසා ධීවරයන්ට ප්‍රශ්න තියෙනවා. නැව් හතරක් වැලි ඉවත් කළා. ධීවරයන් වෙනුවෙන් අමාත්‍යාංශය මොනවා හරි කරන්න ඕන. නැවේ සුන්බුන් තවම තියෙනවා. ධීවරයන්ට ධීවර කටයුතු කරන්න බැහැ. දැල් ගහන්න බෑ. අනතුරුදායකයි. ධීවර ඇමැතිතුමා මීපා ආයතනය වගකීමෙන් වැඩ කරන්න ඕන.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලයක් ගියාම මිනිස්සුන්ට අතීතය අමතක වෙනවා. එතකොට හෙමිහිට ඇමැතිවරයා මුදල් තැන්පතු තියෙන තැන්වල ලොක්කෝ එකතුවෙලා බෙදාගෙන කනවා වෙන මොකුත් වෙන්නේ නැහැ... ඔබතුමා ඉදිරිපත්වෙලා අවශ්‍ය කටයුතු කරලා මුදල් අරගෙන දෙන්න ඇමැතිට කියලා වැඩක් නැහැ. මිනිස්සු හමුවෙලා ඔවුන් සමග බලධාරීන් හමුවෙන්න...
අදාල ප්‍රාදේශීය ලෙකම් කාර්යාල ධීවරයන් සමග වටලන්න. මොනයම් හෝ පිලිතුරක් ලබා ගත හකිවනු ඇත.