
(රංජිත් රාජපක්ෂ)
නුවරඑලියේ සිට මඩකලපුව දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් රෝදයක් ගැලවී අනතුරට පත් වීමෙන් එම බස් රථයේ ගමන් ගත් සිව් දෙනෙකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළු කළ බව වලපනේ පොලිසිය කියයි.
ඊයේ (13) පස්වරුවේදී මෙම අනතුර සිදු වී ඇත්තේ නුවරඑලිය වලපනේ ප්‍රධාන මාර්ගයේ මහඌව වංගුව ප්‍රදේශයේදිය.
මඩකලපුව ප්‍රදේශයේ සිට නුවරඑලිය ප්‍රදේශයේ සංචාරයක පැමිණ ආපසු මඩකලපුව දක්වා එම පිරිස රැගත් බස් රථය ධාවනය කරවන අවස්ථාවේ බස් රථයේ ඉදිරිපස වම් රෝදය ගැලවී යාමෙන් පසු බස් රථය රියදුරුගේ පාලනයෙන් මිදි බස් රථය මාර්ගයේ වම් පස කන්දක ගැටී බස් රථය නතර වී ඇත.
බස් රථය අනතුරට පත් ස්ථානය අධික බෑවුම් සහ වංගු සහිත මාර්ගයක් බවත්, එම ස්ථානයේ මීට පෙර බරපතල රිය අනතුරු ගණනාවක් සිදු වී ඇති බවද ප්‍රදේශවාසීහු කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුමක්කාර රටක් වෙලානේ, දැන් මිනිස්සුන්ට බස් එකක යන්නත් බයයි, කෝකටත් බස් එකට නගින්න කලින් මගීන් වන අපටම බස් රථයේ යෝග්‍යතා පරීක්ෂණයක් කර බලන්න වෙයි...
ශ්රී ලංකාවේ මහා මාර්ගවල ධාවනය වන බස් රථ හා බර වාහන සඳහා අවුරුද්දකට සැරයක්වත් සම්පූර්ණ පරීක්ෂණයක් (Motor Vehicle Periodical Inspection - M.V.P.I.) වැනි පරීක්ෂණයක් භාජනය කිරීමෙන් පසු ධාවනයට සුදුසු බව සහතිකයක් ලබා ගැනීම අනිවාර්ය කළ යුතුයි. එය සල්ලි මත නොව, නියම විදියටම සිදු විය යුතුය. මෙය හරහා වාහන අනතුරු අවම කිරීමෙන් අහිංසක මගීන්ගේ ජීවිත රැක ගත හැකි වනු ඇත.