( විමුක්ති එස් රුද්‍රිගු)
කාන්තාවක් දූෂණය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක මහතා දැනට පදිංචි වී සිටින නිවසින් ඉවත් වී තනි කාමරයක් සහිත මහල් නිවසකට යාමට සිඩ්නි මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් ක්ලෙයාර් ෆර්නන් මහත්මිය අවසර ලබා දී තිබේ.
ධනුෂ්ක ගුණතිලක මහතා ඊයේ (16) අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේ මහේස්ත්‍රාත් අධිකරණයේ ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා මෙම ඉල්ලීම සිදු කර ඇත.
ගුණතිලක මහතාට උදව් කිරීමට ඉදිරිපත් වූ පුද්ගලයකුගේ නිවසේ ඔහු ජීවත්වන බවත් නීතිමය ක්‍රියාවලිය ඉතා දීර්ඝ එකක් වනු ඇති බවත් ඒ හේතුවෙන් නව නිවසකට යාමට ඉඩ දෙන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා තිබේ.
එම ඉල්ලීම සලකා බලමින් සිඩ්නි මහේස්ත්‍රාත් අධිකරණය ගුණතිලක මහතාට නව නිවසකට යාමට අවසර ලබා දී ඇත.
නැවත වරක් ජනවාරි 12 වැනිදා නඩුව කැඳවීමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් හිතේ හැටියට ගෙන්නතැහැකි...!
ලංකාවේදී ඇහුවා නම් ක්‍රීඩකයා ඉක්මණින් නිදහස් වෙනවා.
දේශපාලන බලපෑම් නොමැතිව අදිකරණය තන්දු කර තිබේ. කැලය මාරුකල පමණින් කොටියාගේ පුල්ලි වෙනස් වන්නේ නැත.
විසිටින් වීසා ගිහින් ඔස්ට්‍රේලියාවට පනින්න නියම විදියක්නේ මේක.