
(විමුක්ති එස් රුද්‍රිගු)
කාන්තාවක් දූෂණය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවීම හේතුවෙන් මාස ගණනක සිට ඔස්ට්‍රේලියාවේ සිරවී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක හට ඕස්ට්‍රේලියාව තුළ සංචාරය කිරීමට සිඩ්නි අධිකරණය ඇප කොන්දේසි ලිහිල් කරමින් අවසර ලබා දී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර ඇත.
ඒ අනුව මෙම මස තුළදී ඕස්ට්‍රේලියාව තුළ දෙවතාවක් සංචාරය කිරීමට ධනුෂ්ක ගුණතිලක හට සිඩ්නි ඩවුනින්ග් සෙන්ටර් අධිකරණය අවසර ලබා දී තිබේ.මෙය ගුණතිලක ලැබූ ජයග්‍රහණයක් ලෙස ඕස්ට්‍රේලියානු මාධ්‍ය පෙන්වා දී තිබුණි.
මෙම සතියේ දින හතරක් සහ මස අවසානයේ දින හතරක් ගුවන් තොටුපොළවල් වෙත යෑමට ගුණතිලකට අවසර ලබා දීමට වැඩබලන විනිසුරු ග්‍රෑම් බෙන්සන් නියෝග කර ඇත.ගුණතිලකට ජාත්‍යන්තර ගුවන් තොටුපොළවල් වෙත යෑම වළක්වා ලමින් පනවා තිබූ දැඩි ඇප කොන්දේසිය ලිහිල් කරමින් මෙම අවසරය ලබා දී තිබේ.
නමුත් සංචාරය කිරීමට අවම වශයෙන් පැය 48 කට පෙර සංචාරයේ කාලසීමාව, ස්ථානය සහ ගමන් මාර්ගය පොලිසියට දැනුම් දිය යුතු බවට සිඩ්නි ඩවුනින්ග් සෙන්ටර් අධිකරණය නියෝග කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් නමුත් ඔබ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ කළ දේවල් නිසා විශ්වාස කළ නොහැකිියි