
(අංජුල මහික වීරරත්න)
තෝරාගත් ධාන්‍ය වර්ග ආනයනය කිරීම සඳහා වන ආනයන පාලන බලපත්‍ර අවශ්‍යතාව ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
2024-05-01 දින වන විට යෝජිත ස්වර්ගීකරණ සංකේතාංක 126ක් යටතේ වර්ගීකරණය කරන ලද ආහාරයට ගනු ලබන තෝරාගත් ධාන්‍ය වර්ග සහ භාණ්ඩ වර්ග ආනයන පාලන බලපත්‍ර අවශ්‍යතාවයට යටත් කරනු ලැබ ඇති අතර සංයෝජිත වර්ගීකරණ සංකේතාංක 53කට අදාලව ආනයන පාලන බලපත්‍ර නිකුත් කිරීම දැනට අත්හිටුවා ඇතැයි රජය කියයි.
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ නිර්දේශ මත පදනම්ව දේශීය නිෂ්පාදකයින් ආරක්ෂා වන පරිදි අවශ්‍ය පියවර ගනිමින් මුං ඇට, කව්පි, කුරක්කන් ,සෝයා පිටි සහ රට කජු, කුරක්කන්, ආනයනය සඳහා වන ආනයන පාලන බලපත්‍ර ලබා ගැනීමේ අවශ්‍යතාවය ඉවත් කිරීම පිණිස මුදල් ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඔක්කෝම දැන් සුඛෝපභෝගී කෑම වෙලා .. අධිකම මිලයි
මේවායේ ආනයන බදු අඩුවෙන්නෙ නැද්ද?
බී ලූණු වගේ රු. 90ට ගෙනැත් 850 විකුණයිද දන්නෑ. සීමා ලිහිල් කරලා මදි. ඒ ගැනත් බලන්න.
ඒ වුණාට උදේ හවහ මතුරන්නෙ "ආනයන ආර්ථිකයෙන්, අපනයන ආර්ථිකයකට" යන බව. හැබැයි කොස්ස, ඉදල, ළුණු ගෙඩියේ ඉඳලම පාලනයක් නැතිව ආනයනය...