(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

දෙහිවල නිසල සෙවණ පොදු සූසාන භූමියේ මුරකරු ලෙස කටයුතු කළ පුද්ගලයාට වෙඩිතබා බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධියේ යතුරු පැදිය පැදවූ අපරාධ කල්ලි සාමාජිකයා නුගේගොඩ දෙල්කඳ හන්දියේදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය සඳහන් කරයි.

එම සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 7200 ක් පොලිස් බාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් එම සැකකාර පුද්ගලයා දිසානායක මුදියන්සේලාගේ අවිශ්ක හේෂාන් නොහොත් බෝධිය වත්තේ අවිශ්ක නැමති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාගේ සමීපතමයකු බව පොලිසිය කියයි.

සංවිධානාත්මක අපරාධ කල්හි සාමාජිකයකු හා මත්ද්‍රව ජාවාරම්කරුවකු බව කියන  පුද්ගලයකුගේ පියා බව කියන පුද්ගලයාට නිසල අරණ සූසාන භූමියේ පාංශුකූලය ලබාදෙන කොටසේ රැඳී සිටියදී සුදු ඇඳුමින් සැරසී ආරක්ෂක හිස් වැසුම් පැලද පාගමනින් පැමිණි පුද්ගලයන් දෙදෙනකුගෙන් එක් අයකු වෙඩි ප්‍රහාර කීපයක් එල්ල කර පලා ගොස් තිබිණි.