
(සුමිත් පොතුපිටිය සහ සමන් කාරියවසම්)
ජෙල් ෆිස් මතස්‍යයින් ශරිරයේ ස්පර්ශවීමෙන් පානදුර මුහුදු වෙරලේ අ දියනාමින් සිටී පුද්ගලයන් දස දෙනකු පමණ තුවාල ලබා ඇති බව පානදුර වෙරළේ ජීවිත ආරක්ෂක ඒකක සදහන් කරයි.
තුවාල ලැබූවන් අතර කුඩා ළමුන් සිව්දෙනකු වන බවද සදහන් වේ.
තුවාල ලැබූ කිහිප දෙනෙකු පානදුර මූලික රෝහලෙන් ප්‍රතිකාර ලබාගෙන පිටව ගොස් ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.
කුඩා ප්‍රමාණයේ ජෙල් ෆිස් 300 කට ආසන්න ප්‍රමාණයක් අද පස්වරුවේ පානදුර මුහුදු වෙරළට ගොඩගසා සිටී බවත් , ඉරිදා නිවාඩු දිනයේ දියනාමින් සිටී අයවලුන් ස්පර්ශ වීමෙන් තුවාල ලබා ඇති බවත් සදහන් වේ.
පැවති තත්ත්වය හේතුවෙන් මුහුදේ දියනාමින් සිටී සියලු දෙනා වෙරළ තීරයෙන් ඉවත් කිරීමට පියවර ගත්බව පොලිස් ජීවිත ආරක්ෂක ඒකකය සදහන් කරයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd