
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ මෙවර ඇසල මංගල්‍යයේ දැඩි කතාබහට ලක්ව ඇති 06 වැනි පේලි පෙරහරේ කාවඩි අංගය ඉවත් කරන ලෙස පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් මාතර මහ දිසාපතිවරයා වෙත අද ලිඛිතව දැනුම් දී ඇත.
කාවඩි ප්රශ්නය හේතුවෙන් පෙරහරට යම් කිසි ප්‍රහාරයක් එල්ල විය හැකි බවට ජාතික බුද්ධි ප්‍රධානී අංශය,රාජ්‍ය බුද්ධි සේවාව,පොලිස් විශේෂ කාර්යාංශය සහ දකුණු පලාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු ආරක්ෂක අංශ ලබා දී ඇති බුද්ධි වාර්තා පදනම් කර ගනිමින් එම නියෝගය ලබා දී තිබේ.
සංවිධානාත්මකව ගොඩබිමින් පැමිණ හෝ ඩ්‍රෝන තාක්ෂණය ඔස්සේ යම් ප්‍රහාරයක් එල්ල විය හැකි බවට බුද්ධි වාර්තා මගින් පෙන්වා දී ඇත.
ඒ අනුව මාතර මහ දිසාපති චන්දන තිලකරත්න මහතා විසින් දෙවිනුවර බස්නායක නිලමේ තිළිණ මධුශංක මහතා වෙත ලිඛිතව දැනුම් දී ඇත්තේ පොලිස්පතිවරයාගේ නියෝගය හා උපදෙස් පරිදි හෙට (28) සවස පැවැත්වීමට නියමිත 06 වැනි පේලි පෙරහරට කිසිදු කාවඩි කණ්ඩායමක් එක් කර නොගන්නා ලෙසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජ්‍ය බුද්ධි අංශ, පොලීසිය , මහ දිසාපති ආදී රජයේ උසස් නිලධාරීන් ගේ නියොග මත, දෙවිනුවර ඇසළ මහා පෙරහැරේ කාවාඩි නර්තන රංගනය තහනම් කිරීම සාමාන්‍ය ජනතාවට අප්‍රභංශයක් හෙවත් ප්රහේලිකාවකි. එම නිළධාරීන් මෙ කරුණ ගැන ජනතාව දැනුවත් කලොත් නරකද? දෙවිනුවර ශ්‍රී මහා විෂ්ණු දේවාලයේ පෙරහැර මංගල්‍යයේදී, ත්‍රස්තවාදී කල්ලි කණ්ඩායමක් හෝ දෙශපාලන ආයතනයක් මගින් හෝ මෙවැනි කඩාකප්පල්කාරී ක්‍රියාවක් කරාද කියා සාධාරණ සැකයක්ද මතුවෙයි. ශ්‍රී ලංකාවේ මෙන්ම ලොක බෞද්ධ ජනතාව ඉමහත්, භක්තියෙන්,ගෞරවයෙන් වන්දනා මාන කරන මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පෙරහර මෙන්ම කතරගම ඇසළ පෙරහැර, දිවයිනේ නන්දිසාවල පැවත්වෙන පෙරහැර වලදීත් ජනප්‍රිය කාවාඩි නර්තන රංගනය තහනම් කරාවිද ? මෙවැනි වාර්ෂික පෙරහැර වලදී විවිධ වර්ගයේ තහනම් කිරීම් මගින් රටට සහ රජයට දෙව කොපයන් මෙන්ම දෙව සාපයන් ලැබීමට පුළුවන් බව මගේ සීයා ගේ විශ්වාසයයි. මා කුඩා කාලයේදී යම්කිසි රෝගාබාධයක් සුවකර ගැනීමෙ අරමුණින් ලුනාවෙ විහාරස්ථානයක සූනියම් දේවතාවුන් වහන්සේ වෙනුවෙන් කාවාඩි නර්තන බැතිමතුන් සමග එම නර්තනයට එකතු වූ බව සඳහන් මා සදහන් කරන්නේ භක්තියෙන් ගෞරවයෙන් යුතුව ය.
මෙම නියෝග ක්‍රියාත්මක නොකර යම්කිසි ප්‍රහාරයක් එල්ල වුවහොත්, ඊට වගකිව යුතු සියලු දෙනාටම නීතියට අනුව දැඩි දඬුවම් ලබා දිය යුතුයි. පාස්කු ප්‍රහාරය වැනි ඛේදනීය සිදුවීම් නැවත කිසිදා සිදු නොවීමට අවශ්‍ය සියලු පියවර ගත යුතුයි.
පාතාලයේ තර්ජන වලට පොලිසිය එච්චර බයද ?
මරාගන්නැතුව මේව කරන්න බැරිනම් නවත්තන එක හොඳයි. කැඳ ඉම්රාන්ට ඇප දෙන්න සලස්සල බොහොම ආදරෙන් ලංකාවෙන් පනින්න උදව් කරපු, දෙහි දොඩම් බාලගේ පවුලට ආරක්ෂාව දීපු, අද තමන් කරපු පව් නිසා අමාරුවේ වැටිල ඉන්න කණ්ඩායමක් මේ මැර වැඩ මෙහෙයවනවා.
මාස දෙකෙන් පාතාලේ අයින් කරනවා කියූ උන් ගලක් අතට ගත්තම නැට්ට දෙපරන්ශේ ගහගෙන තුන් කුන්දෙන් පැනල යන නාටු කුක්කෙක් වගේ භයෙන් ඇකිළිලා. ලැජ්ජයි.
කොයි ගල..., මොන අතට ගත්තෙයි?