(අංජුල මහික වීරරත්න)
මහා සංඝරත්නයට තර්ජනය කර රාජ්ය පාලනය ගෙනයන්නට ලාල් කාන්ත නා හිතනවා නම් එය සිහිනයක් බව පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා කීය.
"අපි පක්ෂයක් විදියට අපේ වැඩපිළිවෙළ වෙනදා හා සමානව ඉතා සාර්ථකව ඉදිරියට යනවා.ඉතින් ඒ අනුව විශාල පිරිසක් පක්ෂය එක්ක එකතුවෙමින් පවතිනවා .ඒ වගේම පහුගිය කාලසීමාවේ යම් දේශපාලන කාරණා නිසා දුරස් වෙලා හිටපු බොහෝ පිරිසක් දැන් ශක්තිමත්ව අපේ වැඩපිළිවෙළ එක්ක එකතු වෙලා ඉස්සරහට යනවා.
මම පැහැදිලිවම ප්රතිපත්ති එක්ක කටයුතු කරන්නේ.අපි පක්ෂයක් විදියට පහුගිය කාලේ අපි දේශපාලන තීන්දු ගත්තා. ඉතිං ඒ දේශපාලන තීන්දු එක්ක අපි ඈත් වුණා. දුරස් වෙලා හිත් බිඳීම් වෙච්ච අය සියලු දෙනාම එකතු කරගෙන අපි ඉස්සරහට යන්න ඕන යනුවෙන්ද නාමල් රාජපක්ෂ මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔවු ඇත්ත! මී හරක්, එල හරක් සහ පට්ටි ගොන් අනිවාර්යෙන්ම පොහොට්ටුව එක්ක එක්කහු වෙනවා. මතකය කියලා දෙයක් ඔවුන්ට ඒ තරම්ම නෑනේ.
ලාල්කාන්ත මහා සංඝ රත්නයෙන් සමාව අයැද සිටිය යුතුයි.
අන්තිමට නාමල්ව මතක් වෙන්නේ.... වැඩේ සිද්ද වෙලා අවසානයේදී...
අපේ රටේ අනාගත නායකතුමා නාමල් තමයි..
අනාගතයේ හොද රටක් හදන්න නාමල් මහත්තයා එක්ක එකතු වෙමු.
ඔක්කොම දේශපාලන කෝණයෙන් බැලුවොත් ඉතින් රටක් ඉතුරු වෙන එකක් නැහැ.
හිරේ යන්න ළං වෙනකොට ඔය වගේ මනස්ගාත හිතෙනවා...
ඔව් ඉතින් රට බංකොලොත් කරපු, මාටියා ගහපු, හොරට විභාග ලියපු, සිරිලිය පවුලට ළං වෙන්නේ ඉතින් හොරුම තමයි...
තමන්ගේ වාසියට ආගම වුණත් විකුණන සෙට් එක. ඕවා මිනිස්සු දන්නවා.
හොරු එක මිටට...
මේ පැත්තේ හිටිය කියලා වැඩක් නෑ. වංචාවට, හොරකමට නැඹුරු හදවතින්ම ශ්රී ලාංකික අය ඔක්කෝම ඔය පැත්තේ...
@Mallika, ලාල්කාන්ත ගරුතර සංඝරත්නයට මොනවත් කිව්වේ නෑ. සිවුරු වලට කියපුවා සංඝරත්නයට කිව්වා කියලා බොරු කියන්න එපා.
දුරස් වන්නට මේ ලෙසින් ... ඇයිද අප හමුවුණේ...?
කලින් කොමෙන්ටුවේ "රඳවන" කොටස සුදු වෑන් එකක ගිහින්.