(නිමල් ජයරත්න)

දිඹුලාගල  ලිලාරත්න විජේසිංහ මහා විද්‍යාලයේ සිසුන් පිරිසකට අද උදෑසන බඹරු දෂ්ට කිරීමෙන් විදුහල්පතිනිය ඇතුළු 30 කට ආසන්න සංඛ්‍යාවක් අරලගංවිල රෝහලට ඇතුළත් කර ඇති බව අරලගංවිල පොලිසිය කියයි.

බඹරු දෂ්ට කිරීමෙන් විද්‍යාලයේ විදුහල්පතිනිය සහ බඹරුන් දෂ්ට කරන සිසුන් බේරාගැනීමට ගිය අරලගංවිල පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පොලිස් නිලධාරීන් දෙදෙනකු ද රෝහල්ගත කර ඇති බව පොලිසිය සඳහන් කරයි.

ලීලාරත්න විජේසිංහ මහා විද්‍යාලයේ සිසුන් සඳහා ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවයක් සංවිධානය කර තිබූ අතර එම උත්සවයද තාවකාලිකව නතර කිරීමට සිදුව තිබේ.

විද්‍යාලයේ ගොඩනැගිල්ලක් තුළ බඹර කූඩු කිහිපයක් තිබී ඇති අතර එම බඹරුන් ඇවිස්සි, සිසුන් මෙම බඹ ප්‍රහාරයට ගොදුරු වී ඇති බව පොලිසිය සඳහන් කරයි.

පසුව මේ පිළිබඳව විදුහල්පතිවරිය පොලිසිය සහ අරලගංවිල විශේෂ කාර්ය බළකාය දැනුවත් කොට ඇති අතර විශේෂ කාර්ය බලකාය සහ පොලිසිය එක්ව බඹර ප්‍රහාරට ගොදුරු වු සිසුන් අරලගංවිල රෝහලට ඇතුළත් කර තිබේ.