(කාංචන කුමාර ආරියදාස)
පාසල් දැරියක් අපයෝජනයට ලක් කළ බවට සැකපිට ලග්ගල ප්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරයකු සුඛෝපභෝගී මෝටර් රථයක් සමඟ අද ( 29) සැකපිට අත් අඩංගුවට ගත් බව ලග්ගල පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් උපකාරක ගුරුවරයා මාතලේ නකල්ස් පරිසර පද්ධතියට දැරියන් රැගෙන ගොස් සිය වාහනය තුළ දී අපයෝජනයට ලක් කර ඇති බවට තොරතුරු රැසක් අනාවරය වී ඇතැයි ලග්ගල පොලීසිය පවසයි.
මීට දින කිහිපයකට පෙර උපකාරක පන්තියේ දැරියකගේ පියෙකු විසින් මෙම උපකාරක ගුරුවරයාට පහර දුන් බවට පැමිණිල්ලක්ද ලැබී ඇතැයි පොලිසිය කියයි.
පැමිණිල්ලෙන් අනතුරුව එම දැරිය කැඳවා දැරියගෙන් දිගින් දිගටම ප්‍රශ්න කරද්දී සිදුවී ඇති බොහෝ දේ හෙළිදරව් වීඇති අතර , ලග්ගල ,බකමූණ, නාවුල ප්‍රදේශ වල ඉතා ප්‍රසිද්ධියක් උසුලන මෙම උපකාරක පන්ති ගුරුවරයා තම උපකාරක පංතියට පැමිණෙන සිසු සිසුවියන් අතර ප්‍රේම සම්බන්ධතා ගොඩනැගීම සඳහා අවස්ථාව සලසා දීම මෙන්ම ගුරුවරයාද දැරියන් අපයෝජනය කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලීසිය කියයි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd