
(ශාන්ත පී බණාඩාර)
බාල වයස්කාර දැරියකට සිදු කරන ලද ලිංගික අතරවරයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අරණායක ආසන සංවිධායක සහ අරණායක ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයකු අද 07 සවස අත්අඩංගුවට ගත් බව මාවනැල්ල පොලිසිය කියයි.
මාවනැල්ල ගණේතැන්න හිගුල ලිපිනයේ පදිංචි වයස අවුරුදු 19 ක් වන පාසල් දැරියක් තමාට සිදුවු ලිංගික අතරවරයක් සම්බන්දධයෙන් මාවනැල්ල ළමා හා කාන්තා කාර්යාංශයට සිදු කරන ලද පැමිණිල්ලකින් ආදාලව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
අදාල මන්ත්‍රීවරයා සිංහල ආර්යුවේද වෛද්‍ය මධ්‍යස්ථානයක් හෙම්මාතගම මාවනැල්ල මාර්ගයේ දෙවනගල ප්‍රදේශයේ පවත්වාගෙන යන අතර මෙම දැරියගේ දෝෂ ඉවත් කිරීමට මන්ත්‍රීවරයා ශාන්තිකර්මයක් කරන මුවාවෙන් මෙම ලිංගික අතරවරය සිදු කර ඇති බව දැනට පොලිසිය වෙත වාර්තා වි ඇති තොරතුරු අනුව අනාවරණය වි ඇත.
අත්අඩංගුවට ගෙන මේ වන විට මාවනැල්ල පොලිසියේ ළමා කාන්තා කාර්යංශය වැඩදුර විමර්ශන සිදු කරන අතර දැරිය මාවනැල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක දැරියක් වන බවද පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd