
(ගයාන් සූරිය ආරච්චි,ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන්)
මත්ද්‍රව්‍ය ආරවුලක් මත නැදිමාල, දෙහිවල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරු ඇතුළු දෙදෙනෙකු ඊයේ (18) අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පාදුක්ක ප්‍රදේශයේ පදිංචි ගුවන් හමුදා පොලිසියේ වසරක කාලයක් සේවය කර ඉන් ඉවත් වූ චරියා නැමැති අවුරුදු 27 පුද්ගලයකු සහ අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 30 පුද්ගලයෙකි.
බඩෝවිට කොස් මල්ලි සහ බඩෝවිට අසංක නමැති අපරාධ කණ්ඩායම් දෙක අතර මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් මත චූවා සමන්ත නමැත්තාගේ මස්සිනා කෙනෙකු සැකකරුවන් විසින් වෙඩි තබා ඝාතනය කර තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ඉකුත් සැප්තැම්බර් 20 දින එම වෙඩි තැබීමෙන් ගුණාලංකාර පාර, කලුබෝවිල, දෙහිවල ලිපිනයෙහි පදිංචිව සිටි නාරාහේන්පිටගේ අනුර කොස්තා නැමැත්තෙකු ජීවිතක්ෂයට පත්විය.
එම වෙඩි තැබීම සදහා සැකකරුවන් භාවිත කළ යතුරුපැදිය පොලිස් විමර්ශනවලට හසු නොවන පරිදි කොටස් කර තිබූ අතර යතුරුපැදියේ කොටස්, වෙඩි තැබීම සදහා භාවිත කරන ලද ගිනි අවිය සහ ඒ සදහා යොදන උණ්ඩ 8 ක් පොලිස් භාරයට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නම් ගම් සියල්ල සහිතයි. ලොක්කෙක් අහුවුනොත් ^අනෝනිමස්! අහෝ අපේ මා _ _ කලාව උස්තැන් දැක හැකිලෙන හැටි.