
(සුරංග රාජනායක)
රුපියල් ලක්ෂ පණහක මුදලක් ඉල්ලා වෑන් රථයකින් පැමිණ පුද්ගලික අධ්‍යාපන ආයතනයකට යමින් සිටි දහ අට හැවිරි ගැහැණු ළමයෙකු පැහැරගෙන යාමක් සම්බන්ධයෙන් උඩුනුවර දවුලගල පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
මෙසේ පැහැරගෙන ගොස් ඇත්තේ ගම්පොළ මරියාවත්ත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 18යි මාස හයක් වු පාසල් සිසුවියකි. ඇය අපොස උසස් පෙළ විද්‍යා අංශයෙන් හැදෑරීම සඳහා දවුලගල කැටකුඹුර අම්බර පොල පුද්ගලික අධ්‍යාපන ආයතනයකට යන බව පැවසේ.
මෙම පැහැර ගැනීමට සම්බන්ධව ඇත්තේ ගම්පොළ කහටපිටිය බැබිල ප්‍රදේශයේ පදිංචි තිස් එක් හැවිරිදි අයකු බවට තොරතුරු ලැබී ඇතැයි දවුලගල පොලිසිය පවසයි.
පැහැරගත් බව කියන වෑන් රිය කදුරුවෙල ප්‍රදේශයේ තිබියදී සොයාගෙන ඇති අතර එහෙත් මෙහි ගිය පිරිස හා ගැහැණු ළමයා සොයාගෙන නොමැති බව පොලිසිය පවසන අතර ඒ පිළිබඳව පුළුල් පරීක්ෂණයක් අරඹා තිබේ.
ගැහැණු ළමයා පැහැරගෙන යාම පිළිබඳව ඇය නැවතී සිටි හපුගහතැන්න දෙහිවත්ත ප්‍රදේශයේ නිවෙස් හිමිකරුවන්ගෙන් හා ඇගේ පියා මේ පිළිබදව දවුලගල පොලිසිය වෙත පැමිණිලි කර තිබේ.
දැරිවිය බේරා ගැනීමට ඉදිරිපත් වූ තරුණයාට කුමක් සිදු වූයේද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඔහු හෝ පොලිසියට මේ වනතුරු පැමිණ නොතිබෙන බවද පොලිසිය සඳහන් කරයි.පැහැරගැනීම සිදුවන අවස්ථාව සි සී ටිවි කැමරා පද්ධතියකද සටහන්ව තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"Clean Sri Lanka" වලින් මූලිකවම කරන්න ඕනෑ මෙන්න මේ වගේ අපරාධ නවතන එක සහ එවැනි පුද්ගලයින් සඳහා ලබාදෙන දඬුවම් දැඩි කිරීම. මොවුන් මේ වනසා දමන්නේ මේ රටේ අනාගතයයි.
මේ අපරාධ කරන්නේ ක්ලීන් ශ්‍රී ලංකා කට්ටිය නම් ඒ අයට පුළුවන් මේවා නොකර ඉන්න. එතකොට අපරාධ වෙන්නෑ. ප්‍රශ්නෙ තියෙන්නේ...
ඔය අපරාධකරුවන්ට දිය හැකි ඉහළම දඬුවම් දිය යුතුයි.
බය නැතිව මෙවැනි දේවල් කරන්නේ ලංකාවේ දඬුවම් ලිහිල් නිසා...
මේ කාලේ පාරේ යනකොට තමන්ගේ ආත්මාරක්ෂාවට පිහිතලයක් වත් ළඟ තබා ගැනීම හොඳයි.
පුද්ගලික පන්ති තහනම් කෙරුවනම් ඉවරයි. නිදහස් අධ්‍යනය කියන්නේ මොකද්ද.
අපේ ඒ කේ සහෝදරයා මේවට ඉක්මණට දඬුවම් දෙනවා. බලන් ඉන්නකෝ අපරාද කාරයින්ට වැඩි ඈතක් නැහැ...