(සුරංග රාජනායක)
රුපියල් ලක්ෂ පණහක මුදලක් ඉල්ලා වෑන් රථයකින් පැමිණ පුද්ගලික අධ්‍යාපන ආයතනයකට යමින් සිටි දහ අට හැවිරි ගැහැණු ළමයෙකු පැහැරගෙන යාමක් සම්බන්ධයෙන් උඩුනුවර දවුලගල පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
මෙසේ පැහැරගෙන ගොස් ඇත්තේ ගම්පොළ මරියාවත්ත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 18යි මාස හයක් වු පාසල් සිසුවියකි. ඇය අපොස උසස් පෙළ විද්‍යා අංශයෙන් හැදෑරීම සඳහා දවුලගල කැටකුඹුර අම්බර පොල පුද්ගලික අධ්‍යාපන ආයතනයකට යන බව පැවසේ.
මෙම පැහැර ගැනීමට සම්බන්ධව ඇත්තේ ගම්පොළ කහටපිටිය බැබිල ප්‍රදේශයේ පදිංචි තිස් එක් හැවිරිදි අයකු බවට තොරතුරු ලැබී ඇතැයි දවුලගල පොලිසිය පවසයි.
පැහැරගත් බව කියන වෑන් රිය කදුරුවෙල ප්‍රදේශයේ තිබියදී සොයාගෙන ඇති අතර එහෙත් මෙහි ගිය පිරිස හා ගැහැණු ළමයා සොයාගෙන නොමැති බව පොලිසිය පවසන අතර ඒ පිළිබඳව පුළුල් පරීක්ෂණයක් අරඹා තිබේ.
ගැහැණු ළමයා පැහැරගෙන යාම පිළිබඳව ඇය නැවතී සිටි හපුගහතැන්න දෙහිවත්ත ප්‍රදේශයේ නිවෙස් හිමිකරුවන්ගෙන් හා ඇගේ පියා මේ පිළිබදව දවුලගල පොලිසිය වෙත පැමිණිලි කර තිබේ.
දැරිවිය බේරා ගැනීමට ඉදිරිපත් වූ තරුණයාට කුමක් සිදු වූයේද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඔහු හෝ පොලිසියට මේ වනතුරු පැමිණ නොතිබෙන බවද පොලිසිය සඳහන් කරයි.පැහැරගැනීම සිදුවන අවස්ථාව සි සී ටිවි කැමරා පද්ධතියකද සටහන්ව තිබේ.
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සංචාරක ප්‍රවේශපත්‍ර විභාගකරුවකු රුපියල් 1500/= ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා වි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ නිල සංචාරයක් සඳහා හෙට(3) රාත්‍රියේ දිවයිනෙන් බැහැර යයි.
සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණය පිිඨයේ දෙවැනි වසරේ සිසුවකු නවක වදය හේතුවෙන් දිවි හානිකර ගෙන ඇති බවට තිබෙන චෝදනාව සම්බන්දයෙන් එයට සමිබන්ද පුද්ගලයන්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ තෙවන වසරේ සිසුවෙකුට එම වසරේම සහ සිව්වන වසරේ සිසු පිරිසකගේ පහරදීමකින් රෝගාතුර ප්‍රතිකාර සඳහා වැලිගම ප
එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව යුද හමුදාව දියත් කළ ක්‍රියාන්විත අතරතුරදී සොයාගන්නා ලද රන් ආභරණ ඇතුළු රත්‍රන් තොගයක් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරි
මිටියාගොඩ උඩුමුල්ල ප්‍රදේශයේදි පිහියෙන් ඇන අද සවස පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි ගාලු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
දහ අට හැවිරිදි පාසල් දැරියක වෑන් රියකින් පැහැරගෙන
Pradeep Kumara Sunday, 12 January 2025 03:07 PM
"Clean Sri Lanka" වලින් මූලිකවම කරන්න ඕනෑ මෙන්න මේ වගේ අපරාධ නවතන එක සහ එවැනි පුද්ගලයින් සඳහා ලබාදෙන දඬුවම් දැඩි කිරීම. මොවුන් මේ වනසා දමන්නේ මේ රටේ අනාගතයයි.
ජිල්බු Sunday, 12 January 2025 04:56 PM
මේ අපරාධ කරන්නේ ක්ලීන් ශ්‍රී ලංකා කට්ටිය නම් ඒ අයට පුළුවන් මේවා නොකර ඉන්න. එතකොට අපරාධ වෙන්නෑ. ප්‍රශ්නෙ තියෙන්නේ...
ගුණරත්න Sunday, 12 January 2025 06:08 PM
ඔය අපරාධකරුවන්ට දිය හැකි ඉහළම දඬුවම් දිය යුතුයි.
fairoos Sunday, 12 January 2025 07:42 PM
බය නැතිව මෙවැනි දේවල් කරන්නේ ලංකාවේ දඬුවම් ලිහිල් නිසා...
kamal Sunday, 12 January 2025 08:30 PM
මේ කාලේ පාරේ යනකොට තමන්ගේ ආත්මාරක්ෂාවට පිහිතලයක් වත් ළඟ තබා ගැනීම හොඳයි.
ජිල්බු Sunday, 12 January 2025 09:51 PM
බැරිවෙලාවත් පොලිසියෙන් ඇල්ලුවොත් අත කැපෙයි. තලේ විතරනෙ, මිට නෑනෙ. ඊට පස්සෙ අපරාධයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නව කියල අපිව අත්අඩංගුවට ගනී. ඒක හින්ද සුද්ද කරපු නැති ටොයිලට් බ්‍රෂ් එකක් තියගත්තොත් ආරක්ෂාවට හොඳයි.
රුචිර Sunday, 12 January 2025 11:14 PM
පුද්ගලික පන්ති තහනම් කෙරුවනම් ඉවරයි. නිදහස් අධ්‍යනය කියන්නේ මොකද්ද.
බකල ජයාMonday, 13 January 2025 02:02 PM
නිදහස් අධ්‍යනය කියන්නෙ "ප"යන්න නැති නිදහස් අධ්‍යාපනයට.
J A S pushpakumara Friday, 28 February 2025 10:04 AM
අපේ ඒ කේ සහෝදරයා මේවට ඉක්මණට දඬුවම් දෙනවා. බලන් ඉන්නකෝ අපරාද කාරයින්ට වැඩි ඈතක් නැහැ...