
(අංජුල මහික වීරරත්න)
විදෙස් පුහුණුව ලබා මෙරටට පැමිණෙන විශේෂඥ වෛද්‍යවරු රට හැර නොයා මෙරට රැදී සිටීමේ ප්‍රවණතාවයක් වර්තමානයේ දක්නට ලැබෙන බව නැගෙනහිර පළාතේ එරාවූර් රෝහලේ නිරීක්ෂණයකට එක් වෙමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.
අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා නැගෙනහිර පළාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ රෝහල් සහ සෞඛ්‍ය ආයතනවලින් ජනතාවට ලබාදෙනු ලබන සෞඛ්‍ය සේවාවන් හි වත්මන් තත්ත්වයන් පිළිබද නිරීක්ෂණයක නිරත විය.
එම නිරීක්ෂණයෙන් අනතුරුව එරාවූර් රෝහලේ පාලනාධිකාරිය සහ රෝහල් කාර්ය මණ්ඩලය සමග රෝහලේ පවතින ගැටළු නිරාකරණය උදෙසා සාකච්ඡාවක්ද පැවැත්විණි.
මෙහි දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ විදෙස් පුහුණුව ලබා මෙරටට පැමිණෙන සමහර විශේෂඥ වෛද්‍යවරු පළමු පත්වීම උතුර නැගෙනහිර වැනි දුරබැහැර ප්‍රදේශවලට ලබාදුන් පසු නැවැත විදෙස්ගත වන බවයි.
ආණ්ඩුව බාරගන්නා අවස්ථාවේ සියයට 70 ක් පමණ වූ එම තත්ත්වය මේ වන විට අඩුවීමක් පෙන්නුම් කරන බවත්, විදෙස්ගත නොවී මෙරට නතර වීම සියයට 60 –70 දක්වා අගයක් ගන්නා අතර එය සුබදායි ප්‍රවණතාවයක් බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොරෝනා වසංගතයක් සමඟ ආපු ගැටළු නිසයි රට දාලා ගියේ ඇතැම් අය. ඒත් රටට ආදරේ උගතුන් ප්‍රශ්ණ වෙලාවෙත් රටේ හිටියා. ඔවුන් රටට සම්පතක්. රනිල් මහතා ආර්ථිකය යම් ප්‍රමාණයකින් ගැට ගහගත්තා. කොරොනා වසංගතය පහළ යාමත් සමඟ ලෝකයම සාමාන්‍ය අතට පත්වෙමින් තියෙන නිසා රට දාලා පනින අය අඩු ඇති සහ එහෙම පැනලා ගියා කියලා මහා වස්තු පහළ නොවන වග දන්නා නිසා දැන් නොවනව ඇති. ඒක වෙන කාගෙ හරි මහා වික්‍රමක් නොවෙයි.
අර වෛද්‍ය සංගමයේ ලේකම් කියන ගල් මූසලයාව නම් කොහොම හරි රට පටවන්න උත්සාහ කරන්න ඇමතිතුමෝ, මිනිහා හදන්නේ රාජපක්ෂ වික්‍රමසිංහ කල්ලි වලට වුවමනා විදියට දොස්තරලා නටවන්න.
පිට රට ගියාම මෙහෙ වගේ නොවේ මහන්සිවෙලා වැඩ කරන්න වෙනවා. වරදක්, අතපසුවීමක් වුණොත් වගකියන්න සිදුවෙනවා. ගන්න වැටුපට බදු ගෙවන්න වෙනවා... මෙහෙ වගේ පුද්ගලික චැනෙල් කඩ දමාගෙන මහා පරිමානෙන් ගසා කන්න.. අර මහේෂි කරා විදිහට වෛද්‍ය උපකරණ අසාධාරණ මිල ගණන් වලට විකුණන්න බැහැ. දොස්තර කියලා විශේෂ වරප්‍රසාද නැහැ...
කිසිම හිරිකිතයක් නැතිව කොහේ ගියත් මොනවා හෝ කැමරාවක් ඉදිරිපිට කියවන පුරුද්ද අත්හැර ගන්න. උගත් දේටත් නින්දාවක්. සත්‍ය අපි දනී.
වෙනත් වෘත්තිකයන් රට හැර දා යන ප්‍රමාණයට දොස්තර යන ප්‍රමාණය ඉතාම අඩුයි. මොකද එයාලාට වෙන රටවල් වලට ලේසියෙන් යන්න බැහැ. විභාග සමත් වෙන්න ඕනෑ. ඔච්චර ලෙසියෙන් යන්න පුලුවන්නම් ඉතුරු අයත් නොගිහින් ඉන්නේ නැහැ. නමුත් ඔයිට සාපේක්ෂව ඉංජිනේරුවරු රට යන එක ඉතාම වැඩියි. ඇතැම් විශ්ව විද්‍යාල වල බැච් පිටින් යනවා. ආසන්න වශයෙන් අවුරුද්දකට 2000ට වැඩි ප්‍රමාණයක් යනවා. හේතුව එයාලාට ඉතාම පහසුවෙන් යන්න පුළුවන්. විභාග සමත් වෙන්න ඕනෑ නෑ. නමුත් රටේ කතාවෙන්නේ දොස්තරලා යන ප්‍රමාණය පමණයි. ඇත්තටම රටින් ගොඩක්ම යන්නේ රටේ ආර්තිකයට සෘජුවම මුල් වෙන අය. එයාලා ගැන කවුරුත් කතා කරන්නේ නෑ. නමුත් දොස්තරලා රටින් යන්න ඇත්තම හේතුව රටේ සල්ලි නැති එක. එහෙනම් ඉස්සෙල්ලාම රටේ තියාගන්න ඔබේ ආර්ථිකය හදන අය. එයාලාට රටේ ඉන්න බැරිනම් අනිත් අය තියා ගන්නත් බැහැ...
ටැංකියේ වතුර ඉවර වෙනකොට , වේගය කොහොමත් අඩුවෙනවා බොසා…
බයවෙන්න එපා, ගිය කට්ටියත් ලගදිම ආපසු එයි එහේ නීති රීතී තද වෙනකොට.