
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
වර්තමානයේ රෝහල් වල බෙහෙත් නැති වුනත් දොස්තරලා ඒ බෙහෙත් පිටින් ගන්නට කියා ලියා දෙන්නේ නැතැයි කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා :-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
හිරේ යන්නට මේ විය යැයි කියා බයෙන් දොස්තරලා එලෙස බෙහෙත් නොලියන බවද මන්ත්‍රීවරයා කීය.
"මේ ආණ්ඩුව නිතරම කොරහේ කිඹුල්ලු දකිනවා. පෞද්ගලික ව්‍යවසායකයන් දෙස බලන්නේ වපර ඇහින්.වැඩි ආදායම් ලබන ඇය ගැන බලන්නේ වපන ඇසින්.
කෝප් එකෙන් අතීත දේවල් ගැන විතරක් නෙමෙයි වර්තමානෙ දේවල් ගැනත් හොයන්න ඕන.
වරාය අධිකාරියේ කන්ටේනර් 320 ගණනක් පිට කරල තිබුණා.මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කරන්න කෝප් එකට ගෙන්නවාද? අද පොලිසියේ තමන්ට උවමනා උදවිය තැන් තැන්වල ස්ථානගත කරමින් ඉන්නවා.පරණ කොමියුනිස්ට් රටවල කළා වගේ අද මේවා කරන්න බෑ.අද රාජ්‍ය නිලධාරීන් වැඩ කරන්නේ නැහැ. කෝප් එක කරන්නේ රාජ්‍ය නිලධාරීන් අසරණ කරන එක. ජාතික රෝහලේ වේදනා නාශක නෑ. ප්‍රති ජීවක වලින් බාගෙට භාගයක් නෑ.වෙනදා බෙහෙත් නැත්නම් ෆාමසි වලින් ගන්න කියලා බෙහෙත් ලියනවා. අද වෛද්‍යවරු එහෙම ලියන්නේ නෑ. තියන බේතක් දීලා යවනවා.මොකද වෛද්‍යවරුන්ට හිරේ යන්න වෙන නිසා.රාජ්‍ය නිලධාරීන්ගේ කොදු කඩලා මේ රට ඉස්සරහට ගෙනියන්න බෑ.
අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව අද දේශපාලනීකරණය වෙලා.ආණ්ඩුව තම දේශපාලන විරුද්ධවාදීන් මර්දනය කරන්න භාවිතා කරන ආයතනයක් විදියට අලලස් කොමිෂන් සභාව පාවිච්චි කරනවා යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි දොස්තරලාට කියමු "කසිප්පු වලට හරි, අයිස් වලට හරි" ලියල දෙන්න කියලා.
අදද ඉපදුණේ? 2022/23 කොහේද හිටියේ?
ඉතිං බැරිද බොලාට ලියලා දෙන්න? ලියන්න අකුරු දන්නවැයි...
දොස්තරලා අප්සට් ගිහින් ඉන්නේ... වෙළෙද නාමයෙන් බෙහෙත් තුණ්ඩුව ලියාගන්න බැරි නිසා. බෙහෙත් සමාගම කොමිස් එක දෙන්නේ එයාලගේ බ්‍රෑන්ඩ් එකේ බෙහෙත විකුණලා දුන්නොත් විතරයි. රසායනික නාමයෙන් බෙහෙත ලිව්වොත් අඩුගාණට තියෙන බෙහෙතක් අරන් ගිහින් ලෙඩේ හොද කරගන්නවා. අත යටින් ඖෂධ සමාගම් වලින් එන කුට්ටිය නැති වුණාම තද වෙනවා තමයි.
බූරු පුතාණෝ ජනාධිපති වෙනකම් බලන් ඉන්න ඔයා වගේ කසිප්පු මුදලාලි කෙනෙකුට ඔය වගේ ගොන් අදහස් පහළ වෙන එක අරුමයක් නොවේ...