IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


දිස්ත්‍රික්ක හතරකට නාය අනතුරු ඇඟවීම්

(මොහොමඩ් ආසික්)

දිවයින පුරා පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 17 කට නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය අද (19) සිට  ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබේ.

එම නිවේදනයට අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර, බදුල්ල සහ හාලිඇල යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා සහ මහනුවර දිස්ත්‍රික්කයේ මැදදුම්බර, පාතදුම්බර සහ දොළුව යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනයද, මහනුවර දිස්ත්‍රික්කයේ උඩදුම්බර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය සඳහා දෙවන මට්ටමේ අනතුරු ඇඟවීමද නිකුත් කර තිබේ.

එයට අමතරව, කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම සහ මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල  පල්ලේගම, අඹන්ගඟ කෝරළය, පල්ලේපොළ. මාතලේ සහ නාවුල යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ නිවේදනයද යටවත්ත, උකුවෙල, රත්තොට සහ විල්ගමුව යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා දෙවන මට්ටමේ නිවේදනයද නිකුත් කර තිබේ.

පළමු මට්ටමේ නිවේදනය නිකුත් තර ඇති ප්‍රදේශවල පසුගිය පැය 24 ක කාලය තුල මිලි මීටර් 75 කට වැඩි සහ දෙවන මට්ටමේ නිවේදනය නිකුත් කර ඇති ප්‍රදේශවලට ගෙවී ගිය පැය 24 තුල මිලි මීටර් 100 ඉක්මවූ වර්ෂාපතනයක් ලැබි ඇති බැවින් එම ප්‍රදේශවල ජීවත් වන ජනතාව උපදෙස් පිළිපදිමින් අවධානයෙන් සිටින ලෙසත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

2025.01.19 වන අද දින  පෙරවරු .8.00 ට   නිකුත් කර ඇති මෙම නාය යෑමේ අනතුරු ඇඟවිමේ නිවේදනය  හෙට 20 වනදා පෙරවරු 8.00  දක්වා බල පැවැත්වෙන බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය තව දුරටත් කියයි.

 



අදහස් (0)

දිස්ත්‍රික්ක හතරකට නාය අනතුරු ඇඟවීම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 544 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1071 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site