
(අංජුල මහික වීරරත්න)
පොලොන්නරුව, මුලතිව් හා මන්නාරම දිස්ත්‍රික්ක වල ඉකුත් මහ කන්නයේ ගංවතුරින් සිදුවූ වගා හානි තක්සේරු කටයුතු මේ වන විට අවසන් කර ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.
එසේම අම්පාර, මඩකලපුව, අනුරාධපුරය, කුරුණෑගල, මාතලේ දිස්ත්‍රික්ක වල වගා හානි පරීක්ෂාවන් අවසන් අදියරේ පවතින අතර ත්‍රිකුණාමලය, කිලිනොච්චි, යාපනය යන දිස්ත්‍රික්ක වල හානි පරීක්ෂා කිරීම ආරම්භ කර ඇතැයි ද ගොවිජන රක්ෂණ මණ්ඩලය කියයි.
ගංවතුරින් හානි වූ බිම් ප්‍රමාණය අක්කර ලක්ෂයක් බවට අද (24) දිනය වන විට ගණනය කර තිබේ.
කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය,ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරුන් ඇතුලු නිලධාරීන්, ගොවි සමිති නායකයන්ගේ සහභාගීත්වයෙන් හානි තක්සේරු කටයුතු සිදු කරනු ලබයි.
මෙහිදී හානි වාර්තා කර ඇති සියලු ගොවි බිම් පරීක්ෂාවට ලක් කර අවසන් වාර්තාව සකස් කරන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd