(දිනේෂ් සමරකෝන්)

වැසි සහිත කාලගුණයත් සමග දිස්ත්‍රික් 08ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 41කට අධියර 3 යටතේ ඉවත්වීමේ රතු නිවේදනය නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කටයුතු කර තිබේ.

ඒ අනුව, බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල, හාලි ඇල, කන්දේකැටිය, පස්සර, මීගහකිවුල, ඌව පරණගම සහ වැලිමඩ, මහනුවර දිස්ත්‍රික්කයේ පාතහේවාහැට, උඩපලාත, ගඟවට කෝරලේ, මැදදුම්බර, දෙල්තොට, දොලුව, අකුරණ, උඩුදුම්බර, මිනිපේ සහ ගඟ ඉහළ කෝරලේ, කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන, අරනායක සහ මාවනැල්ල, කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම, මල්ලවපිටිය සහ මාවතගම, මාතලේ දිස්ත්‍රික්කයේ යටිවත්ත, උකුවෙල, රත්තොට, නාඋල, විල්ගමුව, අඹන්ගඟ කෝරලේ, පල්ලේපොල, ලග්ගල පල්ලේගම සහ මාතලේ, මොනරාගල දිස්ත්‍රික්කයේ මැදගම, නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ බස්නාහිර, කොත්මලේ නැගෙනහිර, නුවරඑළිය, වලපනේ, මතුරට, හඟුරන්කෙත සහ නිල්දන්දහින්න යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා එලෙස ඉවත්වීමේ රතු නිවේදනය නිකුත් කර ඇත.