
(ප්‍රසාද් රුක්මල්)
බදුල්ල බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ හාලිඇල උඩුවර නිල්බෝවිල ප්‍රදේශයේ දී වෛද්‍යවරයකු ඇතුලු පිරිසක් ගමන් ගත් මෝටර්රථයක් මාර්ගයෙන් ඉවතට පැන බදුලු ඔයට අද (31) පස්වරුවේ පෙරලීයාමෙන් කුඩා දරුවන් ඇතුලු හයදෙනෙකු තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව හාලිඇල පොලිසිය පවසයි .
බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි දියතලාව රෝහලේ සේවය කරන වෛද්‍යවරයකු ඔහුගේ කුඩා දරුවන් දෙදෙනකු සහ බිරිඳගේ නැගනියත් ඇයගේ සැමියා සහ කුඩා දරුවන් දෙදෙනකු ඇතුලු හත්දෙනෙකු බදුල්ල සිට බණ්ඩාරවෙල දෙසට මෝටර්රථය තුළ ගමන් කරමින් සිටියදී මෙසේ මෝටර්රථය බදුලු ඔයට පෙරලීයාමෙන් අනතුර සිදුව ඇතැයි පොලිසිය සදහන් කළේය .
අනතුරින් කුඩා දරුවන් හතර දෙනා , ගැබිනි කාන්තාවක සහ ඇයගේ සැමියා මෙසේ තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බවත් , මෝටර්රථයේ ගමන් ගත් වෛද්‍ය වරයා සුලු තුවාල ලබා සිටින බවත් පොලිසිය පැවසීය .
මෝටර් රථය බදුලු ඔයට පෙරලීයාමෙන් අනතුරුව ප්‍රදේශවාසින් හාලිඇල පොලිසියේ නිලධාරීන් එක්වී මෝටර්රථය තුළ සිරවී සිටි පිරිස මෙසේ බේරාගෙන බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට කටයුතු සිදු කල බවත් හාලිඇල පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක රුවන් ගුණතිලක මහතා සදහන් කළේය .
වර්ෂාවත් සමඟ බදුලු ඔයේ ජල මට්ටම ද වැඩි වී තිබිණ .
අනතුරින් මෝටර්රථය ට දැඩි ලෙස අලාභහානි වී ඇත.
තුවාලකරුවන් ගේ තත්ත්වය තරමක් බරපතළ බව රෝහල් ප්‍රකාශයකු කීය .
බදුල්ල ජේෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දේවත්ත ජේෂ්ඨ පොලිස් අධිකාරි පී එම් ජයරත්න යන මහත්වරුන්ගේ උපදෙස් මත හාලිඇල පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක රුවන් ගුණතිලක මහතා ඇතුලු නිලධාරීන් වැඩිදුර පරික්ෂණ පවත්වති .


2025 දෙසැම්බර් මස 18
516
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1063
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දොස්තර පැදවූ මෝටරිය බදුලු ඔයට පෙරළී 6ක් රෝහලට
ඉරාන් Saturday, 01 February 2025 08:54 AM
මෙතැන "දොස්තර" පැදවූ කියන එකේ තියන වැදගත්කම මොකක්ද?