| // දේශීය ණය පොලිය බිලියන 481.7 // |
| // විදේශීය ණය පොලිය බිලියන 171.7 // |
(දයාසීලි ලියනගේ)
දේශීය හා විදේශීය ණය සඳහා පොලී ගෙවීම් 9%කින් වැඩි වී ඇති බව මුදල් අමාත්‍යංශයේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ගිය වසරේ මුල් මාස 8 දී රජය ලබා ඇති ණය සඳහා වූ පොලිය ගෙවීම මෙලෙස වැඩි වී ඇත.
වර්ෂ 2019 දී රුපියල් බිලියන 599.6ක් වූ පොලී ගෙවීම 2020 දී රුපියල් බිලියන 653.5ක් වී ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මුළු වියදමින් රුපියල් බිලියන 481.7ක් දේශීය රාජ්‍ය පොලිය වෙනුවෙන් ද රුපියල් බිලියන 171.7ක් විදේශීය ණය පොලිය වෙනුවෙන් ද ගෙවා ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්තුතියි සර් මතක් කළාට.. අපිට දැන් මාර සතුටුයි.
ඇයි මතක නැද්ද 2015 යමපාලනේ ?
ඔය ඔක්කොම යහපාලන ආණ්ඩුවෙන් ගත්තු ණය...