
(විමුක්ති එස් රුද්‍රිගු)
ප්‍රංශ පාර්ලිමේන්තුවට ගෙන ආ විශ්වාසභංග යෝජනාවෙන් පරාජයට පත්වීමත් සමග එරට අගමැති මයිකල් බාර්නියර් අද උදෑසන ජනාධිපති ඉමානුවෙල් මැක්රොන් එලීසේ මාළිගයේදී මුණගැසී සිය ඉල්ලා අස්වීම බාරදී ඇත.
ඒ සමග නූතන ප්‍රංශ ඉතිහාසයේ අඩුම කලක් අග්‍රාමාත්‍ය ධුරය දැරූ පුද්ගලයා බවට මයිකල් බාර්නියර් පත්වූවේය.
පෙරේදා(05) අගමැති මයිකල් බාර්නියර් ප්‍රමුඛ රජයට එරෙහිව ප්‍රංශ පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වූ අතර එයට පක්ෂව එරට සිටින නීති සම්පාදකයින් 577 දෙනාගෙන් 331 දෙනකු ඡන්දය භාවිත කළේය.
ප්‍රංශයේ අයවැය පරතරය අඩු කිරීමේ චේතනාවෙන් බොහෝ කප්පාදු සිදු කරමින් මෙන්ම බදු වැඩිකරමින් කිසිවෙකුගේ සහාය නොලැබෙන අයවැයක් පාර්ලිමේන්තුවට ගෙන ඒම හේතුවෙන් ඔහුට සහ ඔහුගේ රජයට එරෙහිව විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුව ඉදිරිපත් විණි.
විශ්වාසභංග යෝජනාවෙන් පරාජයට පත්වීමත් සමග අගමැති මයිකල් බාර්නියර් සිය ධුරයෙන් ඉල්ලා අස්වූ අතර ජනාධිපති මැක්රොන් නව අග්‍රාමාත්‍යවරයකු පත් කරන තෙක් බාර්නියර් කැබිනට් මණ්ඩලයට රට ඉදිරියට ගෙන යාමේ කාර්ය පැවැරිණි.
ජනාධිපති මැක්රොන් ඊයේ(05) රාත්‍රියේ ජනතාව ඇමතීමට නියමිතව තිබූ පස්වරුව වනවිටත් අග්‍රාමාත්‍ය ධුරය සඳහා ප්‍රසිද්ධ නම් කීපයක් යෝජනා වී තිබිණි.
2025 දෙසැම්බර් මස 18
617
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
297
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1100
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දෝෂාභියෝගයෙන් පැරදුණු ප්‍රංශ අගමැති ඉල්ලා අස්වේ
Perera Friday, 06 December 2024 11:47 AM
දෝෂාභියෝගය පරද්දන්න හැටි මෙයාලා දන්නේ නෑ... අපේ රටේ විපක්ෂයේ පළපුරුදු අයගෙන් ඒවා ඉගෙන ගන්න ඕනෑ..
රුවන් Friday, 06 December 2024 09:19 PM
රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂ වගේ කෙනෙක් ප්‍රංශයේ හිටිය නැති එක වාසනාවක්.