
(සුජිත් හේවාජුලිගේ)
දූෂණ වංචා අපරාධ ලිපිගොනු විමර්ශනවල ප්‍රතිඵල ලබන පෙබරවාරි මාර්තු වන විට ප්‍රතිඵල ලැබෙනු ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ නීතිපති දෙපාර්තමේන්තුව මේ කටයුතු ශක්තිමත් ලෙස කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ජනාධිපතිවරයා කීවේය.
" අපට තියෙන්නේ දේශපාලන නායකත්වය සැපයීමත් ඔවුන්ට අවහිර නොකිරීමත් අවශ්‍ය යටතල පහසුකම් සැපයීමත් රැකවරණය ලබාදීම" යැයිද දිසානායක මහතා පැවසීය.
පැරණි අපරාධ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමේදී දුෂ්කරතා මතුව ඇති බවත් සමහර සාක්ෂිකරුවන් මිය ගොස් සිටින බවත් ජනාධිපතිවරයා පැවසීය.
එහෙත් යුක්තිය ඉටු විය යුතු බවද ඔහු ප්‍රකාශ කළේය.
අපරාධ සහ මූල්‍ය අපරාධ සම්බන්ධයෙන් ඒකක කිහිපයක් පිහිටුවා ඇති බව ජනාධිපතිවරයා පැවසීය.
දූෂණ විරෝධී පනත කෙටි කාලයක් තුළ සංශෝධනය කිරීමට පියවර ගන්නා බවත් ඒ යටතේ නව කොමසාරිස්වරුන් පත් කරගන්නා බවත් දිසානායක මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විවිධ ආණ්ඩු යටතේ රැවැටීමට ලක්වූ ජනතාව, මේ ආණ්ඩුවෙනුත් රැවටෙයිද කියලා දෙගිඩියාවකින් ඉන්නේ. ඒක හින්දාම ඉක්මන් ප්‍රතිඵල ඉල්ලනවා. නමුත් යුක්තිය නිසිලෙස ඉටුවීමට සාධාරණ කාලයක් අවශ්‍යයි. මේ බලාපොරොත්තු වගේම ජීවන වියදම අඩුවීමත් ඉක්මනින් සිදුනොවුනොත් නැවතත් කපුටන්ගේ යුගයකට රට තල්ලුවෙන්නත් ඉඩ තියෙනවා. අන්තෝ ජටා බහි ජටා තත්ත්වයක්....
ජනතා බදු මුදල් වලින් පලිගැනීම සඳහා ඔප්පු කළ නොහැකි ප්‍රදර්ශනාත්මක නඩු පැවරීමෙන් ජනතාවට සිදුවන සෙත කියන්න .
ඔහොම යමු ජනපතිතුමනි. බුරන බල්ලොන්ගේ බෙල්ලට තොණ්ඩුව වැටිලා තද වුණාම බිරිල්ලත් නිකන්ම නතර වෙයි.