
(විනීතා එම් ගමගේ)
නව රජයේ ප්‍රමුඛතාවන් අතර 19 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීම පමණක් නොව 13 වන ව්‍යවස්ථාව හා 17 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීමත් මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමත් තිබිය යුතුම යැයි යුතුකම සංවිධානයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා ප්‍රකාශ කළේය.
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිවැරදි කළ යුතු අංශ ඇතැයි ද ඒවා නිවැරදි කළ යුතුව ඇතැයි ද කී ඔහු වඩාත් ශක්තිමත් ව්‍යවස්ථාවක අවශ්‍යතාව රටට ඇතැයි ද කියා සිටියේය.
දූෂිත නොවන මැතිවරණ ක්‍රමයකට යා යුතු නම් එය 1977 ට පෙර තිබු මැතිවරණ ක්‍රමය විය යුතු යැයි කී කුමාරතුංඟ මහතා 1977 දී ජනතාව ජේ ආර් ජයවර්ධන මහතාට දුන්නේ සියයට 50.92 ක ප්‍රතිශතයක් වුවත් මෙවර ගෝඨාභය රාජපක්ෂ මහතාට සියයට 52 ක බලයක් ලබා දී ඇතැයි ද කියා සිටියේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස බැලුවද මෙවර සියයට 59 ක ජනවරමක් ජනතාව ලබා දී ඇති බවත් මේ මවුබිම වෙනස් කිරීම සඳහා ලබා දී ඇති බලයක් යැයි ද හෙතෙම සඳහන් කළේය.
ගෙවිඳු කුමාරතුංග මහතා මේ අදහස් පළ කළේ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ අද (16) පැවැති යුතුකම සංවිධානයේ මාධ්‍ය හමුව අමතමිනි.
එහි දී තවදුරටත් අදහස් දැක්වූ කුමාරතුංඟ මහතා කියා සිටියේ ඉකුත් මාස 8 දි ජනාධිපතිවරයා ගත් මග මෙවර මහ මැතිවරණයේ දී ජනතාව අනුමත කර ඇතැයි ද පැවැසීය.
විශේෂයෙන් ඔහුගේ නායකත්ව ගුණාංග නිහතමානිකම මෙන්ම රටේ සිදුවන නාස්ති නවතාලීම මෙන්ම පාවාදීම් නැවැතීම, රාජ්‍ය ආරක්ෂාව තහවුරුකිරීම, මත්ද්‍රව්‍ය පිටුදැකීම දේශීය ආර්ථිකය නගා සිටුවීම හා
පහළ ජනස්ථර ඔසවා තැබීමට කටයුතු කිරීම ද ජනාධිපතිවරයා පිළිබඳ ජනතා විශ්වාසය තහවුරු වීමට හේතු වී ඇතැයි කියා සිටියේය.
විශේෂයෙන්ම කොරෝනා වසංගතයට මුහුණදීමේ දී දැක්වූ නායකත්ව ගුණාංග හේතුවෙන් විශාල ජනප්‍රසාදයක් ඔහු ලබා ගත්තේ යැයි කී කු-මාරතුංග මහතා 19 වන සංශෝධනයේ කවර වැරදි තිබුණත් එය රටේ නීතිය බවට පත්ව තිබු සමයේ එය ඉක්මවා තම බලතල ක්‍රියාත්මක කිරීමට පවා හෙතෙම පසුබට වී යැයි ද කීය.
ඉදිරි පාර්ලිමේන්තුවේ දී සෞභාග්‍යයේ දැක්ම යථාර්තයක් කරන්නට සියලු දෙනා කැපවී කටයුතු කරන බව ද ඔහු සඳහන් කළේය.
එමෙන්ම යුතුකම සංවිධානය ලෙස පාර්ලිමේන්තුවට යන තමන් ජාතික ප්‍රතිපත්ති රකින අතර ඒකිය රාජ්‍යය රැකීම හා පෝෂණය කිරීම වගකීම සේ සළකන බව ද සඳහන් කළේය.
මාධ්‍ය හමුව ඇමතූ යුතුකම සංවිධානයේ ජාතික සංවිධායක, කලුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුප පැස්කුවල් මහතා කියා සිටියේ රට අලුත් මඟකට යොමු කිරීම මෙවර පාර්ලිමේන්තුවට තේරීපත්වූ ජනතා නියෝජිතයන්ගේ වගකීම වී ඇතැයි ද කියා සිටියේය.
තමන් පත්කර එවූ කලුතර ජනතාවට විශ්ව විද්‍යාලයක් ලබාදීමට පොරොන්දු වූ බවත් එය මේ වනවිට යථාර්ථයක් බවට පත්වෙමින් ඇති බවත් හෙතෙම සඳහන් කළේය. කලුතරට තාක්ෂණ විශ්ව විද්‍යාලයක් ලබා දීමට ලබන අප්‍රේල් මාසයේ දී මුල්ගල් තබන බවත් වගා නොකරන කුඹුරු අක්කර 16000 ක් යළි වගා කිරීම ද අරඹන බව කීය.
කිතුල් නිෂ්පාදනවලට පැවැති බාධක ඉවත්වෙමින් පවතින්නේ යැයි කී ඔහු කිතුල් වෙනුවෙන් නව අධිකාරියක් පිහටුවීමට ද පියවර ගෙන ඇතැයි පැවැසීය.
විශේෂයෙන් කලුතර පානීය ජලයට ලුණු මුසුවීම නවතාලීමට වහා පියවර ගත යුතු යැයි සිතන බවත් දැනටමත් ඒ සඳහා මූලික පියවර කිහිපයක් ගත් බවත් හෙතෙම කියා සිටියේය.
යුතුකම සංවිධානයේ ලේකම් ලසන්ත වික්‍රමසිංහ මහතා අදහස් දක්වමින් කියා සිටියේ මෙවර මැතිවරණයේ ලැබු අන්ත පරාජයේ දී එජාපය තම මතවාදය සමාජ ගත කළ නොහැකි බව තේරුම් ගෙන ඇති බවය.
1977 ගෙන ආ විවෘත ආර්ථීකය හා 1978 ව්‍යවස්ථාව අවසන් කරන්නට ජනතාව තීරණය කර ඇතැයි මහ මහ මැතිවරණයේ ප්‍රතිපලවලින් පෙනී යන බවත් දැන් ජනතාවට අවශ්‍ය වී ඇත්තේ අලුත් රටක් අලුතින් පුබුදින්නට යැයි ද වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
ජනතාව ප්‍රාර්ථනා කළ ලෝකය බිහිවෙමින් පවතින බවත් ඒ සඳහා උපරිම සහය දීම සියලු ජනතා නියෝජිතයන්ගේ වගකීම බවත් ඔහු තව දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතික ලැයිස්තුවෙන් පත්වෙලා ඇවිල්ලා කොහොමද ඔයා, කලුතර ජනතාව පත් කරා කියලා කියන්නේ? පක්ෂයකින් ඉල්ලුවා නම් ඔයා පරාදයි.
මෙයාගේ සීයාගේ කතා කියලා පොඩි කාලේ අපිව රැවැට්ටුවා. දැන් එයාගේ කතා අහලා වැඩිහිටියෝ රැවටෙනවා.
සීයා පොඩි ළමයි රැවැට්ටුවා... මෙයා මහ මිනිස්සු රවට්ටනවා.
කථා කළා ඇති දැන් බලය ඇත. දැන් තියෙන්නේ වෙනස් කරන එකයි. හැමදාම මැතිවරණයක් වෙලාවට බොරු දොඩවනවා. දැන් ඉතිං බලය ඇත. දූෂිත ක්‍රමය වෙනස් කොට හරි දේ කරන්න. කියව කියවා සිටීමෙන් ඵලක් නැත. හිඟන්නා කැමති නැහැ හිඟන්නාගේ තුවාලය හොඳ කරගන්න. තුවාලේ හොඳ වුනොත් හිඟමන් ලැබෙන්නේ නැහැ. ඒ වගේම දේශපාලකයෝත් විවේචනය කරනවා මිසක් අවශ්‍ය වෙනස්කම් කරන්නේ නැහැ. කරොත් වැඩ පිළිවෙල වෙනස් වෙන නිසා. ඒ නිසා නරක දේ ඉවත් කර හොඳ දේ කරන්න... දැන් ජනතාව ඉල්ලුවට වඩා වැඩි බලයක් ලබා දී ඇත. එය වරක් නොව දෙවරක්ම ලබා දී ඇත. කියවන්න එපා. දැන් වැඩකරලා පෙන්වන්න. කථාව නවත්වලා, වැඩ පෙන්වන්න...
උගත්කම තිබුණාට කතාකරන්න, හැසිරෙන්න නොදන්න, ඉවසීමක් නැති පුද්ගලයෙක්. අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවේ හැසිරෙන්න ඉගෙන ගන්න වෙයි.
සහතික ඇත්ත.. 1977ට පෙර තිබුණු මැතිවරණ ක්‍රමය යලි ගේන්න. රටේම ඡන්ද සියයට පහක් හෝ ඊට වඩා ගන්න පක්ෂ වලට දිනලා ආපූ නියෝජිතයෙක් නැතිනම් විතරක් ජාතික ලැයිස්තු ක්‍රමවේදයකින් එක මන්ත්‍රීධුරයක් දෙන්න පුලුවන්. පළාත් සභා අහෝසි කරලා ඒ බලතල රජයටම පවරා ගන්න...
ඔබ සියලු දෙනාම උගත් මිනිස්සු නමුත් වයසයි... රට දුවන්නේ සෘන ආර්ථිකයකයි. ඉතියෝපියාවත් අපිට වඩා ඉහළින් ඉන්නේ...
77ට කලින් දුක් විදින්න සිද්ධ වුන හින්දා තමයි ජේ ආර්ට 5/6ක බලයක් දුන්නෙ.
දුක් වින්දා..? කොයිකාලෙද ඉපදුණේ? නමින් කියන්න පුළුවන් ඉපදුණේ මෑතක කියලා...