(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත ඇතුළු පනත් කෙටුම්පත් හතරකට කතානායකවරයා අද (17) සහතිකය සටහන් කළේය.
මේ අනුව එම පනත් කෙටුම්පත් හතර බලාත්මක විය.
මෙසේ බලාත්මක වූයේ ධීවර හා ජලජ සම්පත් (සංශෝධන) පනත් කෙටුම්පත, දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත, සිවිල් නඩු විධාන සංග්රහය (සංශෝධන) පනත් කෙටුම්පත සහ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පත යන පනත් කෙටුම්පත් හතරයි.
මෙම පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවේදී පසුගියදා සම්මතවිය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වගේ පණත් කීයක් නම් ඔය පාර්ලිමේන්තුවෙන් සම්මත කරගෙන ඇද්ද? ඒවා එහෙම්ම තියෙද්දී රටේ හොරකම් දූෂණ උඩු දිව්වා. ඒ නිසා ඕවායින් වැඩක් නැහැ, මුලින්ම නීතිය හරියට ක්රියාත්මක කරන රටක් පාලනයක් ස්ථාපනය කර ගන්න ඕනෑ. නීතිය හරියට ක්රියාත්මක කරන විට බලාගන්න පුළුවන් එවායේ අඩුපාඩු හා දුර්වලකම් තියෙනවාද කියලා. එවිටයි අලුත් පනත් හො සංශෝධන වුවමනා වෙන්නේ. දැන් මේ කරන්නේ ජනතාව තවත් සැරයක් රවටන්න උත්සාහ කරන එකයි.
හෙට ඉඳන් TO ප්ලෑන් පාස් කරන්න පගාව ගන්න එකක් නැහැ. වගුරු බිමක් ගොඩකරන්න අවසර දෙන්න පගාව ගන්න එකක් නැහැ කියලා හොඳටම ෂුවර්ද...?