IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


දේශීය සීනි මිල අඩු කරන්න එතනෝල් මිල වැඩි කරයි

(විමුක්ති එස් රුද්‍රිගු)

පිටරටින් ආනයනය කරන සුදු සීනි මෙරට වෙළෙඳපොළේ අලෙවි කරන මිලටම දේශීයව නිෂ්පාදනය කරන සුදු සීනිද අලෙවි කිරීම සඳහා දේශීය සීනි නිෂ්පාදන සමාගම් නිෂ්පාදන පිරිවැයට අඩුවෙන් දේශීය වෙළෙඳපොළට සුදු සීනි නිකුත් කරන බවත් ඉන් සිදුවන පාඩුව පියවා ගැනීම සඳහා දේශීය සීනි නිෂ්පාදන කර්මාන්තශාලා එතනෝල් ලීටරයක මිල රුපියල් 300 කින් පමණ ඉහළ දමා ඇති බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

ඒ හේතුවෙන් මත්පැන් නිෂ්පාදන පිරිවැය මසකට කෝටි 48 කින් වැඩිවනු ඇති බවද ආරංචි මාර්ග කළේය.

මෙරට නිෂ්පාදනය කරන සීනි සඳහා සියයට 18 එකතු කළ අගය මත බද්දක් එකතු වන බවත් පිටරටින් ආනයනය කරනු ලබන සුදු සීනි සඳහා එම බද්ද අය නොවන බවත් ආරංචි මාර්ග පැවැසුවේය.

එතනෝල් යනු සීනි නිෂ්පාදනයේ අතුරු ප්‍රතිඵලයක් බවත් මසකට මත්පැන් නිෂ්පාදනය සඳහා එතනෝල් ලීටර් ලක්ෂ 16 ක් පමණ අවශ්‍ය වන බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

එතනෝල් පිටරටින් ආනයනය කිරීම නීති විරෝධී බවත් මත්පැන් සමාගම් එතනෝල් මිලදීගත යුත්තේ දේශීය සීනි නිෂ්පාදන සමාගම්වලින් බවත් ආරංචි මාර්ග පැවැසුවේය.

මෙතෙක් එතනෝල් ලීටරයක් මිලදී ගනු ලැබුවේ රුපියල් 475 ත් 500 ත් අතර මිලකට බවත් දැන් ලීටරයක මිල සීනි නිෂ්පාදන සමාගම් රුපියල් 800 දක්වා ඉහළ දමා තිබෙන බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. මෙරට දේශීය සීනි නිෂ්පාදන සමාගම් 4 ක් තිබෙන බවත් පැලවත්ත සහ සෙවණගල සීනි කර්මාන්ත ශාලාවල අයිතිය තිබෙන්නේ රජයට බවත් ඇතිමලේ සීනි කර්මාන්තශාලාවේ සියයට 50 ක අයිතිය තිබෙන්නේ රජයට බවත් ආරංචි මාර්ග පැවැසුවේය. අනෙක් කර්මාන්තශාලාව සියයට සියයක් පුද්ගලික එකක් බවද ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

අඩුමිල මත්පැන් නිෂ්පාදනවල වැඩි ප්‍රතිශතය තිබෙන්නේ එතනෝල් බවත් ඒ හේතුවෙන් අති විශේෂ අරක්කු බෝතලයක මිල රුපියල් 120 කින් වැඩි කිරීමට සිදුවනු ඇති බවත් ආරංචි මාර්ග පැවැසුවේය. දැනටමත් මත්පැන් බෝතලයක මිල ජනතාවට දරාගත නොහැකි බවත් මිල වැඩිකළ විට මත්පැන් අලෙවිය පහළ යනු ඇති බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. එවිට මත්පැන් නිෂ්පාදන සමාගම් එතනෝල් මිලදී ගන්නා ප්‍රමාණය අඩු කරනු ඇති බවද ආරංචි මාර්ග පැවැසුවේය.

 



අදහස් (6)

දේශීය සීනි මිල අඩු කරන්න එතනෝල් මිල වැඩි කරයි

රනේ Wednesday, 16 July 2025 07:05 AM

පොඩි එකාගෙ ලියුම වගේ...

:       1       0

Pradeep Kumara Wednesday, 16 July 2025 08:04 AM

මත්පැන් බෝතලයක මිල ජනතාවට දරා ගැනීමට නොහැකිනම් එයාලා මත්පැන් මිල නොගෙන ඉදීවි. ඒක එයාලගේ ආර්ථිකයට වගේම සෞඛ්‍යයටත් හිතකරයි. මත්පැන් කියන්නේ අත්‍යාවශ්‍ය භාණ්ඩයක් නොවෙයි නේ.

:       3       8

Gamage Wednesday, 16 July 2025 08:31 AM

රජය සීනි නිශ්පාදනය කරනවා, ඒ පාඩුව පියවගන්න එතනෝල් මිල වැඩිකානවා. අරක්කු මිල වැඩිවෙනවා. කසිප්පු නිශ්පාදනය වැඩිවෙනවා. පිටරටින් ලාබේට සීනි ගෙන්න පුලුවන්කම තිබියදී රජය මේ කරන වැඩෙන් ලැබෙන වාසි මොනවද?

:       3       2

Nalaka Wednesday, 16 July 2025 08:55 AM

හරියට කියපන්, සීනි ද අරක්කුද වැඩි කරන්න ඕනේ කියලා ...

:       0       6

Lalla Wednesday, 16 July 2025 07:05 PM

අරක්කු බෝතලයක මිලෙන් 80% වඩා බදු නේද? මිනිස් පරිභෝජනයට නුසුදුසු කසිප්පු අලෙවිය ඉහල යන එක විතරයි.

:       0       2

ගුණරත්න Wednesday, 16 July 2025 11:11 PM

ඇත්තම කිව්වොත් ඕකෙන් වෙන්නේ කසිප්පුවෝ ටික ගන්න ලාභය වැඩි වෙන එක, කසිප්පුවෝ කිව්වේ ඔය සීනි අරන් ගිහින් හරියට පිරිපහදු නොකරපු තහනම් මත්ද්‍රව්‍ය හදන අය...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 448 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2207 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site