
(කාංචන කුමාර ආරියදාස)
දේශීය මුං අස්වැන්න ලැබී මාස ගණනාවක් තිස්සේ නිසි මිලකට විකුණා ගැනීමට නොහැකි වීම නිසා තමන් දැඩි අසීරුතාවකට පත්ව ඇතැයි දේශීය මුං ගොවීහු පවසති.
පසුගිය කන්නේ මුං ඇට ඇස්වන්න නිවෙස්වල තබාගන දෙවැනි කන්නේ ද අස්වැන්න ලැබීමට ආසන්නව තිබෙන බවත් පෙන්වා දෙන ගොවීහු විදේශීය රටවලින් මුං ඇට ගෙන්වීම නිසා මෙම තත්ත්වයට හේතුව බව මාතලේ විල්ගමුව ප්‍රදේශයේ ගොවීහු චෝදනා කරති
මාතලේ විල්ගමුව ප්‍රදේශයේ බහුලව ගොවීන් දේශීය මුං ඇට, කවුපි, උඳු ,තල ආදී ධාන්‍ය වර්ග වගා කරති.
ගොවින් සඳහන් කරන්නේ මේ වන විට විදේශීය රටවලින් ගෙන්වන ලද මුං ඇට විශාල වශයෙන් වෙළඳපොලේ පැවතීම නිසා තමන් දේශීය නිෂ්පාදනය කරන ලද මුං ඇට කිලෝවක් රුපියල් 400ක මිලකටවත් අලෙවි කර ගැනීමට නොහැකි බවය.
ඒ අනුව තම නිෂ්පාදන නිවෙස්වල ගොඩ ගසාගෙන ඇත්තේ පසුගිය වසරේ දහවැනි මාසයේ සිට බවද ඔවුන් කියති .
කිසිදු පාලන සමයක මුං ඇට අලෙවි කර ගැනීමට නොහැකිව ගොවීන් අපහසුතාවයකට පත්වන්නට නොවූ බවත් සෑම වසරකම රුපියල් දහසක ආසන්න මිලයකට මුං ඇට අලෙවි වූ බවත් ඔවුහු පෙන්වා දෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කට්ටිය එකතු වෙලා ගොවින්ගේ නායකයා කියලා පච ගොයියෙක් රජ කරගෙන විඳින දුකක්. ඕකත් ගිය ආණ්ඩුවේ වැඩක් කියලා අත පිහදාගෙන . එච්චරයි, පුළුවන්.
පසුගිය වසරෙ දහවෙනි මාසෙ ඉදන් ගෙදර තියාගත්තනන් ඒකට වගකියන්න ඕන පසුගිය රජය.ප්‍රසාදිනී රජය ඒවට පලි නෑ.
මුං ඇට වෙළඳපොලේ කියන තරම ලාබ නැහැ... කිලෝ 01 800/=
මුං ඇට සිල්ලර මිල කිලෝවක් රුපියල් 700කට වැඩියි. අතරමැදියා විශාල ලාභයක් ගන්නවා. අනික් පැත්තෙන් සියලුම එළවලු වල මිලත් ඉතා අධිකයි. අතරමැදියාගෙන් මුදවාගෙන සාධාරණ මිලකට පාරිභෝගිකයාට ලැබෙනවා නම්... එළවළුවක් ලෙස මුං ඇට භාවිතා කරන්නත් පුළුවන්... රස මෙන්ම ගුණයෙනුත් අනූනයි. බැදපු මුන් ඇට පියලි උයලා ව්‍යංජන හදනවා ඉස්සර. දැන් ඉන්න ප්‍රජාව ඕවා දන්නෙත් නැහැ. ඒ ගොල්ලන් මස් පස්සේ යාම පමණයි කරන්නේ...