
(යොහාන් භාසුර)
රජය සහ මුදල් අමාත්‍යංශය සාකච්ඡා කර මේ මස 30 වැනිදා බැංකු නිවාඩුවක් බවට පත්කරමින් දීර්ඝ නිවාඩුවක් නිර්මාණය කිරීමට හේතුව දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්පූර්ණයෙන් අවසන් කිරීමට අවශ්‍ය කාලය ලබාගැනීම බවත් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතනවල ජනතාවගේ තැන්පත් මුදල්වට හෝ පොලියට කිසිඳු හානියක් නොවන්නේ යැයි සහතික වන බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද (25) පැවසීය.
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා යම්කිසි කාලයක් අවශ්‍ය වන බව කී මහ බැංකු අධිපතිවරයා ඒ සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම, පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාව ඇතුළු අනුකුත් කමිටුවල සාකච්ඡා කිරීමට සහ පාර්ලිමේන්තුවේ විවාද කිරීමට කාලය අවශ්‍ය බව ද සඳහන් කළේය.
බැංකු නිවාඩුවක් දී තිබුණ ද සමාන්‍ය නිවාඩු දිනයකදී ක්‍රියාත්මක වන ඒ.ටී.එම්. බැංකු කටයුතු සහ අන්තර්ජාල බැංකු කටයුතු ඇතුළු සියලුම මුදල් හුවමාරු කිරීම්වලට බාධාවක් නොමැති බවත් සියලුම අත්‍යවශ්‍ය බැංකු කටයුතුවලට කිසිඳු බාධාවක් නොමැති බවත් වීරසිංහ මහතා කීය. මුදල් අමාත්‍යංශය කළ සාකච්ඡා අනුව දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් අදියරට පැමිණ ඇති බව ද මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා වැඩි දුරටත් පැවසීය.
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් අද (25) පස්වරුවේ එසේ පැවසීය.
2025 ඔක්තෝබර් මස 08
1653
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1401
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
500
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට දීර්ඝ නිවාඩුවක් නිර්මාණය කළා
Bamunuarachchi Monday, 26 June 2023 05:25 AM
අපේ තැන්පතු වලට හානියක් නොවෙනවා නම් ඕන දෙයක් කරන්න. අපේ තැන්පතු වලට අත තියෙන්න එපා. රටේ ධනවත් ව්‍යාපාරිකයින්ගේ දේශපාලකයින්ගේ කපා හැරපු ණය ආපහු ගත යුතුයි. උන් ඒ ගත්තේ රනිල්ගේ මුදල් නොවෙයි රටේ ජනතාව ගේ මුදල්. ඒ ණය කරුවන් බංකොලොත් කියලා කොහෙවත් ප්‍රකාශ කරලා නැහැ නේද? එහෙනම් උන්ට ඒ ණය ගෙවන්න පුළුවන්. හෙම කපා හැරිය එවුන්ට හෙන 14 ම වදින්න ඕනේ.