
(මනෝප්‍රිය ගුණසේකර)
බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත් කර ඇති ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් දෙන්නැයි ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සැප්තැම්බර් 08 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (28) තීරණය කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණ මිනිසුරුවරුන් වන ජනක් ද සිල්වා, සෝභිත රාජකරුණා සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගේ සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම් සලකා බැලු අවස්ථාවේදී එලෙස තීරණය කෙරිණී.
අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඇතුළු පාර්ශව විසින් ගොනු කර ඇති මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් වල වගඋත්තරකරුවන් වශයෙන් ව්‍යවස්ථාදායක සභාව ඇතුළු පිරිසන් නම් කර ඇත.
ව්‍යස්ථාදායක සභාව ඉදිරිපත් කළ නිර්දේශ වලට පටහැනිව දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත්කර ඇතැයි පෙත්සම්කරුවෝ දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිධූරයට පත් කිරීමට ගනු ලැබූ තීරණය නීතියට පටහැනි බවට තීන්දු කරන්නැයි ඉල්ලා සිටිති.
පෙත්සම් කැඳවු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණණු සළකා බැලු විනිසරු මඩුල්ල පෙත්සම් සැප්තැම්බර් 08 වැනිදා සලකා බැලීමට තීරණය කළේය.
2025 නොවැම්බර් මස 04
639
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2318
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1720
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දේශබන්දු පොලිස්පති කළාට එරෙහි පෙත්සමට දින දෙයි